ගඩොල (Brick)


ගඩොල(Brick)
  


කොහොමද කට්ටිය සුභ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට ඔන්න මම අද කතාකරන්න යන්නේ උසස් පෙළ ඉංජීනේරු තාක්ෂණවේදය කරන අයට වැදගත් වෙන ගඩොල් පිළිබද විස්තරයක්.ඉතින් අද කතා කරන්න යන ගඩොල් ගැන.



අපි මුලින්ම බලමු ගඩොලක් කියන්නෙ මොකක්ද  කියල නියමිත මිනුම් හා හැඩය අනුව මැටිවලින් තනා පුලුස්ස සාදනු ලබන තනි අතින් හැසිරවිය හැකි ඉදිකිරිම් එක්කයකි.

ඉදිකිරිම් ක්ෂේත්‍රයේ බිත්ති බැදීම සදහා භාවිත වන ද්‍රවය අතරින් ගඩොල් වලට ප්‍රධාන තැනක් ගන්නවා.

                     *හොද තාප පරිවාරකයක් වීම.
                     *ගිනි ආරක්ෂාව.
                     *නඩත්තු පිරිවැය අවම වීම.
                     *නිෂ්පාදන පිරිවැය අවම වීම.

             මෙන්න මේ හේතු නිසා තමයි ගඩොල් වලට ප්‍රධාන තැනක් හිමි වෙන්නේ.

දැන් අපි බලමු බිත්තියකින් බලාපොරොත්තු වන ප්‍රයෝජන මොනවද කියලා.

Ø  පරිසරයෙන් යම් ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීමට.
Ø  පෞද්ගලිකත්වය ආරක්ෂා වීමට.(Privacy)
Ø  අරක්ෂාව සදහා.(Security)
Ø  වහලයේ,උඩු මහල්වල හා පාරිසරික භාරයන් දරා සිටීම.
Ø  දොර ජනෙල් දරා සිටීම.
Ø  තාප හා ශබ්ද පරිවරණය කිරීමට.
Ø  ගෙතුලට තෙතමනය ඇතුලවීම වැළැක්වීම.
Ø  ගිනි ආරක්ෂාව.

v  ගඩොලක තිබිය යුතු ගුණාංග
(SLS 39)

·      හැඩය.                                
·      මිනුම්.   
·      ජල අවශෝෂණය.                          
·      බාහිර පෘෂ්ඨයේ වර්ණය.
·      නාදය.
·      ජලත්‍යාගීතාව.
·      හොදින් පිලිස්සී තිබීම.

 දැන් අපි බලමු SLS ප්‍රමිතියට අනුව ගඩොලක තිබිය යුතු මිනුම් මොනවද කියලා

§  දිග 220 mm
§  පළල 105 mm                 
§  උස 65 mm





ගඩොලක දිග = ගඩොලේ පළල * 2+10 mm(කුස්තුර වාසිය)






ඉංජීනේරු ගඩොලක දිග තීරණය වී ඇත්තේ
ගඩොලේ පළල මෙන් දෙගුණයක් හා 10 mm
කුස්තුර වාසිය එකතු කිරීමෙනි.


v   දැන් අපි බලමු ඉංජිනේරු ගඩොලක තිනිය යුතු ගුණාංග

1. ගඩොලේ දාර සුජුව පැවති තිබිය යුතුය.

2. ගඩොලේ වර්ණය රතු දුඹුරැ පාට විය යුතුය.(එම වර්ණය ගඩොල පුරා ඒකකාරීව තිබිය යුතුය )

3. ගඩොලක බර 2kg විය යුතුය.

4. ඉරි තැලිම් පිපිරීම් වලින් තොරා විය යුතුය.

5. ගඩොල් 2ක් එකිනෙක් ගැටීමෙන් ලෝහ් හඩක් විය යුතුය.

6. ගඩොලේ ඔලුව පැත්ත බිමට පතිත වන සේ 1.2mm පමණ උසකින් අත හැරිය විට එය නොකැඩි,නොපිපිරි තිබිය යුතුය.


           ජල අවශෝෂණ = W2-W1 * 100%
                ප්‍රතිශතය           W1

           W1 – වියළි බර
           W2 – තෙත බර



                                 



         7.ගඩොලක් පැය 24 ජලයේ ගිල්වා තැබු විට එහි ජල              අවශොෂණය 18%,20% නොඉක්ම විය යුතුය.

         8.  ගඩොල් වල මුහුණ සමතල් විය යුතුය.


v   ගඩොල් වල ගුණාත්මක භාවයට අමු ද්‍රව්‍ය වල සංයුතිය ඉතා ප්‍රබල ලෙස බලපානු ලබනවා.අපි දැන් බලමු ගඩොල් වල අන්තර් ගත විය යුතු සංයුති මොනවද කියලා.

                                            I.            ඇලුමිනා (Al2O3)
                                       II.            සිලිකා (වැලි) (SiO2)
                                  III.            හුණු
                                 IV.            ෆෙරස් ඔක්සයිඩ
                                      V.            මැග්නීසියා

v   ගඩොල් නිපදවීමට ගන්නා මැටිවල ගුණ

·      සියුම් බව.
·      වැලි සංයුතිය.
·      අපද්‍රව්‍යන්ගෙන් තොර වීම.
·      ගල් බොරලුවලින් තොර වීම.

v   ගඩොල් කැබලි (Brick Bats)

ගඩොල්බැම්මක් බැදීමේදි විවිධ හැඩයේ ගඩො කැබලි වර්ග අවශ්‍ය වන අතර ඒවා ප්‍රමාණ්‍ය හා හැඩය අනුව විවිධ නම් වලින් හදුන්වනවා.අපි බලමු ඒ මොනවද කියලා.

Ø ගඩොල(Brick)

Ø ආන බාන්දුව(Queen Closer)

        Ø මා බාන්දුව(King Closer)

Ø පට්ටම් බාන්දුව(Bevelled Closer)

Ø මයිටර බාන්දුව(Mitred Closer)

Ø ගල් බාගය(Half Bat)

Ø ගල් තුන්කාල(3/4 Bat)

Ø පට්ටම් බාගය(Bevelled Bat)

Ø වටනාස් ගඩොල(Bullnose Brick)


මේ ඉංජිනේරු ගඩොල් හා ගඩොල් කොටස් යොදා ගෙන බැමි නිර්මාණය කරන අකාරය අපි දැන් බලමු.

v      ගඩොල් බැමි(Brick Bonds)



බැම්මක් කියන්නෙ සරලවම බැදීමක්.ඉදිකිරීම් ශේත්‍රයේදි තැනුම් ඒකක එකිනෙක අතර බැදීමක් ඇතිවන පරිදි කිසියම් රටාවකට කරනු ලබන ඉදිකිරීමකි.බැම්මක් බෑදීමේදී ගඩොල් අතර බදාම මුට්ටු(සිරස් කුස්තුර)එක එල්ලෙ පිහිටීම නොකල යුතුය.ඒ අකරයට බැදීම සිදු කරන්නේ බැම්මේ ස්ථායිතාව හා බාරයන් දරා සිටීමේ ශක්තිය  වැඩි කරලීම සදහාය.





මේ රූපයේ පෙනෙන්නේ වෙන් වෙන් වශයෙන් එකක ලෙස තබා ගොඩ නගා ඇති ගඩොල් බැම්ම්මකි. මේ බැම්මෙ ඉහල සිට පහලට සිරස් බදාම මුට්ටු නැතහොත් සිරස් කුස්තුර එක එල්ලේ යොදා ඇති නිසා ඒ මතට යෙදෙන බාරයන් යාබද පේලි කරා පැතිර නොයයි.එසේ වන්නේ යාබද පේලි අතර සම්බන්දයක් නොමති නිසාය.ඒ නිසා මෙ බැම්මේ ශක්තිමත් බව හා කල් පැවැත්ම ඉතමත් අඩුය.මෙ බැම්ම සාර්ථක නෑ.



ඉහත රුපයේ පෙන්වා ඇති ආකරයට එක්තරා රටාවකට එහෙමත් නැත්තම් සිරස් කුස්තුර එක එල්ලේ නොපිහිටන ආකටයරයට ගොඩනගා ඇති බැමි කොටසකි.මේ බැමි කොටසේ ඉහල පිහිටි ගඩොලක් මත බාරයක්  ක්‍රියා කරන විට එම බාරය ක්‍රමයෙන් බිත්තිය  පුරාම විසිරී යාමෙන්  බාරය ක්‍රියා කරන වර්ගඵලය වැඩි වේ.ඒ වගේම ගඩොල් එකිනෙක අතර බැදීම හේතුවෙන් පෙරදී  මෙන් වෙන් වෙන් ඒකක වශයෙන් චලනය වන්නේ නැත.එම නිසා බැම්ම ස්ථයි හා ශක්තිමත් බවක්ද ඇත.

ඉදිකිරීම් ශේත්‍රයේදී අපිට ගඩොල් බැමි වර්ග කිහිපයක් දැක ගන්න පුලුවන්.මේ එක් එක් බැමි වලට අවේනික ලක්ෂන තියෙනවා.ඒ  නිසා මේ බැමි වරග යොදා ගන්නා අවස්ථා එකිනෙකට වෙනස් වෙනවා.

ඉදිකිරීම් ශේත්‍රය තුල ප්‍රධාන වශයෙන් බැමි  වර්ග හතරක් තියෙනවා.ඉතින් අද අපි කතා කරනවා ප්‍රධාන බැමි වර්ග 4ක් ගැන.

1. ඔලුගල් බැම්ම(Header Bonds)
2. බඩගල් බැම්ම(Stretcher Bonds)
3. ඉංග්‍රිසි බැම්ම(English bonds)
4. ෆ්ලෙමිෂ් බැම්ම(Flemish Bond)

   ඔලුගල් බැම්ම (Header Bond)


පලමුවෙන්ම බලමු අපි ඔලුගල් බම්මක් කියන්නෙ මොකද්ද කියලා. මෙම බැමි ක්‍රමයේ සෑම වරියකම මුහුනත ඔලුගල් වලින් තමයි යොදන්නේ. මේ බැමි රාටවෙන් ගොඩනගන බිත්තිය අවම පලල 220mm (ගඩොල් 1) වේ. මේ බැමි ක්‍රමය ලිං බැදීම,වගේ කෙටි කවාකාර බිත්ති බැදීමට මෙන්ම අත්තිවරම පාදම් වරි,පේකඩ,ආරුක්කු හා ලීස්තර වගේ කාර්යන්ට යොදාගන්වා.




ඉතිම් මේ විදියට තමයි ඔලුගල් බැම්ම ඉදිරි පෙනුම පෙනෙන්නෙ.



ඒ වගේම මේ විදියටම තමයි ඔලුගල් බැම්මෙ වරිවල පිහිටීම සිදුවන්නෙ.

බඩගල් බැම්ම (Stretcher Bond)




බඩගල් බැම්ම කියන්නෙ ගඩොලේ බඩගල් මුහුනත් ඉදිරියට පෙනෙන අකාරයට ගඩොල් එලනු ලබන බැම්මට ඉදිකිරීම් ශේත්‍රය තුල ගනකම අඩුම බැමි වර්ගය බඩගල් බැම්ම.බඩගල් බැම්මේ ඝනකම ගඩොලේ පලලට සමාන වෙනවා.තවද මෙම බැමි ක්‍රමය ගඩොල් බාගයේ බැමි ක්‍රමය ලෙස හදුන්වනවා .මේ බැම්මට වෙනත් භාර දැරීමේ හැකියාව අඩු උනත් ස්වංභාර දැරීමේ හැකියාවක් ඇත.මෙම බැම්මේ අතිවැස්ම ගඩොල් බාගයකට සමාන වෙනවා.පලමු වරියේ බඩගල් එක දිගට එලන අතර දෙවන වරියේ කුස්තුර පන්නීම සදහා ගල් බාගයකින් දෙවන වරිය අරම්බය ගනී.මේ ආකරයට මරුවෙන් මාරුවට ගඩොල් එලීම සිදු කරයි.මෙම බඩගල් බැම්ම ගොඩාක් දිගට බදින විටදී ඝනකම අඩු නිසා බැම්මේ ස්ථාවර බව ඇති කිරීමට 2.4m - 3.0m ට වරක් කුලුනක් යෙදීම සිදූ කරයි.ඒ වගේම ඉහලට බැම්ම බදින විටදී ස්ථාවර බව ඇති කිරීමට 1.5m ට වරක් පමණ අධාරක යොදයි.



වෙන්කිරීමේ බිත්ති,මායිම් තාප්ප,වැසිකිලි බිත්ති සහ කුඩා ජල ටැංකි ඉදිකිරීම වගේ දේවල් වලට මෙම බැමි ක්‍රමය බහුලව යොදාගනී.







මේ බඩගල් බැම්මේ ඉදිරි පෙනුම ආකරයට මුලින් පලමු වරියෙදී බඩගල් එක දිගට එලීම සිදු කරන අතර දෙවන වරියේදී මුලින් ගල් බාගයක් යොදා කුස්තුර පැන්නීම කර තිබෙනවා.මේ ආකරයට මාරුවෙන් මාරුවර ගඩොල් එලීම සිදු කරයි.

   ඉංග්‍රිසි බැම්ම(English Bond)


බර දරන බිත්ති බැදීමට මේ බැමි ක්‍රමය යොදාගනී.එයට හේතුව බැම්මේ පලල වඩි වන නිසා ඉහල ඉහල ක්‍රියාත්මක වන බාරය විසිරීයාමෙන් පහලට ඇතිවන පීඩනය අවම කිරීමටය.මෙම බැම්මේ අවම පලල ගඩොලක දිගට සමානය.අවශ්‍යතාව මත බැම්මේ පලල ගඩොල් 1,1 ½,2 වගේ වෙනස් කර ගන්න පුලුවන්.
 රූපයේ පෙනෙන ආකරයට ඉංග්‍රිසි බැම්මක් බැදීමේදී පලමු වරිය බඩගල් වරියක් විදියට ගඩොල් එලන අතර දෙවන වරිය ඔලුගල් වරියේ මරුවෙන් මරුවට එලන අතර කුස්තුර පැන්නීම සදහා ඔලුගල් වරියේ පලමු ඔලුගලට පසුව ආනබාදුවක් යොදයි.

ෆ්ලෙමිෂ් බැම්ම(Flemish Bond)

මේ බැමි ක්‍රමය විසිතුරු බැමි වර්ගයක් වෙනවා.
මේ ආකරයට එකම වරිය බඩගලයි ඔලුගලයි මරුවෙන් මරුවට පිහිටන විදියට ගඩොල් එලීම කරයි.




ඉතින් ඔන්න ඔය ටික තමයි ගඩොල් ගැන කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයලා නොදන්න කරුනු බොහෝමයක් දැන ගන්න ඇති කියලා. මොකද හිතන්නේ අද Post එක ගැන පහලින් Comment කරන්න. ඒ වගේම මේ Post එක වටි කියලා හිතනවා නම්,තාක්ෂණය ගැන හොයන යලුවොන්ටත් බලන්න  Share කරන්න අදට මම ගිහින් එන්නම්. මේ වගේ තවත් අලුත් Post එකකින් එන්නම්. ඔයලා හැමෝටම ජය වේවා.

අපි SL SMART PEOPLES 



Comments

Post a Comment

Popular posts from this blog

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation