ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ
(Machinery used in construction industry)



සුභ කොහොමද ඔයාලා හැමෝට, ඔයාලා සාධරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට. ඔන්න අද අරන් අවා සිවිල් ඉංජිනේරු තාක්ෂණයට අදාල Post එකක්. මේකෙන් අපි කතා කරමු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ මොනවද ඒවායෙන් කෙරෙන කාර්ය මොනවද කියලා. ඉතින් මේ post එකට අදාළව අපි විඩෙඔ එකකුත් කරලා තියෙනවා ඔයලට පුලුවන් ඒ video එකත් බලන්න අපේ SL SMART PEOPLES YOUTUBE Chanel එකෙට ගියොත්. කතා කරා ඇති අපි යමු post එකට.

  මේ යන්ත්‍ර සුත්‍ර කාණ්ඩ කිහිපයකට බෙදන්න පුලුවන්.

පළවෙනි කාණ්ඩේ තමයි පස් කැණීම සදහා භාවිතා කරන උපකරණ.

ඉදිකිරිම් ක්ෂේත්‍රයේ ගොඩක් අවස්ථා වල පස් කපා මට්ටම් කරන්න, පස් ඉවත් කරන්න, හැරීම වගේ විවිධ කාර්යන් සිදු කරනවා. මේ භාවිතා කරන උපකරන පිලිබදව තමයි දැන් අපි කතා කරන්නේ.

01.බුල්ඩෝසරය(Bulldozer)


ඔයාලට නමින්ම හිතෙනවා ඇති මේ උපකරණය බර ඇදිය හැකි උපකරණයක් කියලා. නමුත් මේක භවිතා කරන්නේ පස් තල්ලු කිරිම, පැටවීම වැනි කර්යන් කිරිම සදහා තමයි මේ උපකරණය භාවිතා කරන්නේ.
ඉදිරිපස ඇති ජව සවල මගින් පස්, ගල් හෝ වෙනත් සාමාන්‍ය ද්‍රව්‍යක් තල්ලු කිරිම, ඔසවා පැටවීම වැනි කාර්යයනුත් මේකෙන් සිදු කරනවා. මේ ජව සවල කොටස් 2කින් විවෘත කිරීමේ හැකියාව සහ ඉහල පහල කිරීමේ හැකියාවත් තියෙනවා. ඉන්ධන දහනයෙන් ලබා ගන්නා ශක්තිය මේ සදහා යොදා ගන්නේ.

02.මෝටර් ගේඩරය (Motor grader)


මේ යන්ත්‍රය බහුලව භාවිතා කරන්නේ මහා මාර්ග ඉදිකිරීම් කාර්යන් සදහා. පස්, වැලි, කලු ගල් ආදිය පොලොව වත එකම මට්ටමින් අතුරා ගැනීමට තමයි යන්ත්‍රය භාවිතා කරන්නේ. පහලින් තියෙන කුල්ල වැනි තල්ලු කිරීමේ සවල මගින් සවල ඉහල පහල කිරීම, ආනත මගින් කරන්න පුලුවන්. මේ උපකරණයත් කලින් කියපු විදියට ඉන්ධන දහනයෙන් තමයි ශක්තිය ලබා ගන්නේ.

03.ඇදුම් පිරිකැණිය (Grab Bucket)


එදිනෙදා මේ යන්ත්‍රය දැකගන්න ලැබෙන්නේ නැති තරම්. නමුත් මහා පරීමාණ කැනීම් වලදී බොහෝ දුර සිට වැලි, පස් ආදිය හාරා ලබාගන්නත් ඒවා පැටවීමටත් යොදාගන්නවා. මේකේ තියෙන ඉනි මගක් වැනි දොබකරය මගින් ඉතා විශාල අරක් උස්සන්න වගේම යම් දුරකට ප්‍රවාහනය කිරීමේ හැකියාවද මෙ උපකරනය සතුව තියෙන වා. ඉතා දුර්වල ඉසුලුම් දාරිතාවයක් සහිත බිම් වල ගොඩනැගිලි ඉදිකිරීමේදි භාවිත ටැබ අත්තිවාරමෙහි පෙරසවි කොන්ක්‍රීට් ටැබ ගිල්වීමේදි, ටැබ ගිල්වීමේ හෙලුම් මිටිය එල්ලා තැබීමටත්, එමගින් ටැබ හිසට පහර එල්ල කිරිම සදහාත් මෙය භාවිතා කරන්නවා.

04.එක්ස්කැවේටරය (Excavator)


මේ නමින් කියවෙන්නෙත් “කැණීම් සිදු කරන්නා” ලෙස. මේකේ තියෙන විශේෂත්වය තම්යි ද්ම්වැල් පටිය මත යන්ට්‍රය එහා මෙහා දාවනය වෙන එක. මේ හේතුව නිසා මේ යන්ත්‍රයට මඩ ගොහොරු වල වගේම වැල්ලේ එරීමක් නැතුව ගමන් කරන්න පුලුවන් කමක් තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මොනවත්වා 3600 ක් භ්‍රමනය කරන්න පුලුවන් කුටීරයක් තිබීම. මේක නිසා කුටීරය තුල සිට යන්ත්‍රය සම්පුර්නයෙන්ම ක්‍රියා කරවීමේ හැකියාව තියෙනවා.

05.බැකෝ ලෝඩරය (Backhoe loader)


මේ යන්ත්‍රය නම් ධාවනයි වෙන්නේ රෝද මත. පිටිපස්සේ තියෙන කුඩා ජවල මගින් එක්ස්කැවේටරයේ ජව සවල වගේ කැණීමේ හැකියාව තියෙනවා. ඉදිරි පස ඇති ජව සවල මගින් බුල්ඩෝසරයේ කාර්යයත් ඒ ආකාරයෙන්ම සිදු කරනවා. මීට අමතරව පොලොව සිදුරු කිරීම, ගල් කැඩීම වගේ විවිධ කාර්යයන් සිදු කරන්නත් පුලුවන්. මේ නිසා වර්ථමානයේ බහු කාර්ය යන්ත්‍රයක් ලෙස ප්‍රචලිත වෙලා තියෙනවා.

දෙවැනි කාණ්ඩේ තමයි ඉදිකිරීම් ද්‍රව්‍ය එසවීම සදහා භාවිතා කරන උපකරණ.

ඉදිකිරීම් කටයුතු වලදි භාණ්ඩ ඉහලට එසවීමට සිදු වෙනවා. ඒ සදහා බොහෝ ජවයක් අවශ්‍ය වෙනවා. ඒ සදහා භාවිතා කරන යන්ත්‍ර ගැන තමයි මේ කාණ්ඩෙන් කතා කරන්නේ.

01.දොබකරය (Crane)


වර්ථමානයේ ඉදිකිරිම් ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍යම දෙයක් තමයි. මේ දොබකරය ඉතා උස් ගොඩනැගිලි වලට ඉදිකිරීමේ අමුද්‍රව්‍ය හා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සදහා කුලුනු දොබකර යන්ත්‍ර අනිවාර්යෙන්ම භාවිතා කරනවා.

 02.කප්පි පද්ධතිය (Pulley system)


තනි කප්පියක් හෙවත් පුලිය නිතර දකින්න පුලුවන් උපකරණයක්. නමුත් කප්පි පද්ධතියක් හෙවත් චේන් බොලොක්කයක් විශාල පරිමාණ ඉදිකිරීම් කටයුතු වලදි යොදා ගන්නවා. තනි පුද්ගලයෙකුට එසවීමට් නොහැකි බරක් මේක මගින් ඉහලට ඒසවීම සිදු කරනවා. කප්පි පද්ධතිය මිනිස් ශ්‍රමයෙන් වගේම විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍රද බලාගන්න පුලුවන්.

  03.කරු ඔසවනය (Forklift)


ඉදිකිරීම් වැඩ බිමකට වඩා කර්මාන්ත ශාලාවක භාණ්ඩ පැටවීම, එහා මෙහා ගෙනයාම හා භාණ්ඩ බෑම වැනි කාර්යයන් සදහා තම්යි භාවිතා කරන්නේ.
මේකේ ඉසරහ තියෙන උල් දෙක එසවිය යුතු භාණ්ඩයට යටින් ඇතුල් කර සිර කොට සිරස්ව ඔසවා ගන්න පුලුවන්. මේකේ ඉදිරිපස රෝදවලට ගල් ටයර් තමයි සවිකරලා තියෙන්නේ. බහාලුම් පෙට්ටි ඒ කියන්නෙ කන්ටේනර් ප්‍රවාහනයේදි මේ උපකරනය යොදා ගන්නවා. 

තුන්වැනි කාණ්ඩේ තමයි ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන උපකරණ.

01.ට්‍රැක්ටරය (Tractor)


වර්ථමානයේ සහ අතීතයේ බොහෝ ඉදිකිරීම් කටයුතු සදහා ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා තියෙන්නේ ට්‍රැක්ටර් වලින්. මොකද කියන්වා නම් දුෂ්කර මාර්ග වල ගමන් කිරීමේ හැකියාව, වැඩි බරක් පැටවීමේ හැකියාව. පිටිපස්සෙ තියෙන ට්‍රේලරය වෙන් කිරීම හා ඔසවා බඩු බෑමේ හැකියාව ඇති නිසා. ට්‍රේලරයේ පරිමාව කියුබ් එකට වඩා අඩු වේ.

02.ඩම්පරය (Dumper)


මේකේ නමින්ම කියවෙන්නේ රැගෙන ගොස් අත හරින බව. මේක්න් කරන්නෙත් ඒ දේම තමයි. මෙහි භාණ්ඩ රැගෙන යන කුටීරය රියදුරාට ඉදිරියෙන් තමයි පිහිටලා තියෙන්නේ. ද්‍රාව පීඩනය උපයෝගි කර ගෙන තමයි ටේලරය ඇල කර ද්‍රව්‍ය බෑම සිදු කරන්නේ.

03.ටිපරය (Tipper)


ඉදිකිරීම් අමුද්‍රව්‍ය ප්‍රවාහනය සදහා භාවිතා කරන ප්‍රධානතම වාහනය වන්නේ මේ ටිපර් රථය. මෙක්කෙ පිටුපස බක්කියක් පිහිටලා තියෙනවා. ඒ බක්කියේ එති ද්‍රව්‍ය ප්‍රමාණය අනුව තමයි එකේ පරිමාව ප්‍රකශ වෙන්නේ. පිටුපස බක්කිය ද්‍රව පොම්පයක් මගින් ඔසවා භාණ්ඩ බෑමේ හැකියාව මේ යන්ත්‍රය සතුය.
  
04.ජල පොම්පය (Water pumps)


ඇත්තටම මේක යන්ත්‍ර ගනයට වැටුනට මේක ඉදිකිරීම් කටයුතු වලදී යොදා ගන්නා උපකරණයක්. ජලය ලබා ගැනීමටත්, ජලය බැහැර කිරීමටත් මේ උපකරණය යොදා ගනු ලබනවා. මේ සදහා බහුලවම භාවිතා කරන්නේ කේන්ද්‍රාපසාරි පොම්පය. විදුලිය මගින් ක්‍රියාකරන, විවිධ ධාරිතාවයෙන්, විවිධ විෂ්කම්භයෙන් යුතු චූෂණ සහ බෙදාහැරීමේ නල වලින් සමන්විත පොම්ප වෙළදපොලේ දැකිය හැකි. ජලයේ ගිල්ලු පොම්ප සබ්මර්සිබල් පොම්ප ලෙස හදුන්වන අතර මඩ සහිත ජලය ඉවත් කිරීමේදි මෙය ඉතා වැදගත් වෙනවා.

  හතරවැනි කාණ්ඩේ තමයි කොන්ක්‍රීට් සුසංහසනය කිරීමේ යන්ත්‍ර.

  01.කොන්ක්‍රීට් මිශ්‍රකය (Concrete mixers)


ගල්, වැලි, සිමෙන්ති එකිනෙක හොදින් මිශ්‍ර කර ගැනීම සදහා තමයි මේ යන්ත්‍රය යොදාගනු ලබන්නේ. ඩීසල් එන්ජිමකින් තමයි මේ යන්ත්‍රය ක්‍රියාකරන්නේ.මෙකේ ධාරිතාව බැරලයේ ප්‍රමාණය හා එන්ජිමේ දාරිතාවය අනුව ප්‍රකාශ කරන්න පුලුවන්. වරකට සිමෙන්ති කොට්ට විශාල ප්‍රමාණයක් මිශ්‍ර කරගත හැකි විවිධ හැඩයෙන් යුත් යන්ත්‍ර වෙළදපොලේ බලාගන්න පුළුවන්. බැරලයේ ඇතුලේ ඇති හබල නිසාත් බැරලය කැරකෙවෙන නිසත් ද්‍රව්‍ය හොදින් මිශ්‍ර වීමක් සිදු වෙනවා. ද්‍රව්‍ය ඇතුල් කිරීමට සහ පිටතට ගැනීම සදහා බැරලය ඉහළ පහළ චලනය කරන්න පුලුවන්.

02.පෙරමිශ්‍රක පිරියත (Premix plant)


මහා පරිමානයෙන් කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම සදහා අවශ්‍ය වු විට මේ උපකරණ සංකීර්ණය ස්ථාපනය කරගන්නවා. මෙකේදි අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීම ස්වංක්‍රීයව යන්ත්‍ර මගින් තමයි කරන්නෙ. මේකට යොදාගන්නා මිශ්‍රණ අනුපාතය බර අනුව තමයි තීරණය වෙන්නේ. මිශ්‍රණය බොහෝ දුරට ප්‍රවාහනය කිරීම සදහා අදාල වාහන වලට පැටවීමට පෙර මුලික සවිවීමේ කාලය ප්‍රමාද කිරීම සදහා රසායනික සංයෝගයක්ද මිශ්‍ර කරගගන්නවා. ඒ රසායනික ද්‍රව්‍ය මන්දක සම්මිශ්‍රණ ලෙස තමයි හැදින් වෙන්නේ.

03.ට්‍රක් මිශ්‍රක රථය (Truck mixer)


මම කලින් කියපු විදියට මිශ්‍ර කරගත් කොන්ක්‍රීට මිශ්‍රණය අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කිරීම සදහා විශේෂයෙන් නිර්මාණය කල වාහනයකි. ගමන ආරම්භයේ සිට අවසාන මොහොත දක්වාම මිශ්‍රණය නොනවත්වා කලවම් කිරීමට කොන්ක්‍රීට තියෙන බැරලය හෙමීට භ්‍රමණය කල යුතුය. මොනයම් හෝ වෙලාවක මේ බැරලය කර කැවීම නතර වුවහොත් එතැන් සිට මිශ්‍රකය සවි වීමට පටන් ගන්නවා. මෙකේ පරිමාව කියුබික් ¼ සිට 4 දක්වා ප්‍රමාන වලින් නිතර භාවිතයේ පවතිනවා.  

04.පම්ප් කාර් රථය (Pump Car)


Truck mixer ගෙන එන ලද කොන්ක්‍රීට් මිශ්‍රණය නිවැරදිව අවශ්‍ය ස්ථානයට පතිත කිරීම සදහා මෙම උපකරණය යොදාගන්නවා. ඉතා උස් ගොඩනැගිලි වලට පවා කොන්ක්‍රීට් පොම්ප කර, ස්ථානගත කිරීමේ හැකියාවක් මේ යන්ත්‍රය සතුව තිබෙනවා.

පස්වැනි කාණ්ඩේ තමයි පස් තැලීමේ යන්ත්‍ර.

 පස් තැලීම එහෙමත් නැත්තම් පස් සුසංහසනය සදහා ඉදිකිරිම් ක්ෂේත්‍රයේදී හිමි වන්නේ ඉතා වැදගත් තැනක්. මොකද මහා මාර්ග, ගොඩනැගිලි, ඇලමාර්ග ආදිය ඉදිකිරීම සදහා ඉතා හොද ස්ථාවර පදනමක් ලබාගැනීමට තලන ලද ශක්තිමත් පොළොවක් අවශ්‍ය වෙනවා. මේ සදහා ස්ථිතික රෝලර්, කම්පන රෝලර් (Roller Vibrator) සහ බැටළුපා රෝලර් (Sheep foot Roller) යන යන්ත්‍ර බහුල වශයෙන් යොදා ගන්නවා. තවද තහඩු කම්පකය (Plant Vibrator) කුඩා ප්‍රමාණයේ පස් තැලීමේ කටයුතු සදහා යොදා ගනු ලබනවා.




ඔන්න මේ ටික තමයි මේ post එකෙන් කතා කරන්න තියෙන්නේ. අපි හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වුනා කියලා. ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. Post එක හොද නම් අනිවාර්යෙන්ම Technology කරන යාලුවෙක්ටත් බලන්න Share කරන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් post එකකින් ඉක්මනටම එන්නම් ඔයලා හැමෝටම ජයවේවා!

අපි SL SMART PEOPLES



Comments

  1. ගොඩක් ප්‍රයෝජනවත්🙂 Thank you🤝

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගඩොල (Brick)

අත්තිවාරම Foundation