ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7


ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7
World’s 7 Most Dangerous Drugs



කොහොමද ඔයාලා හැමොටම හිතනවා හොදින් ඇති කියලා. මම පිනියා,ඔයලා හැමෝම සාදරෙන් පිලිගන්නවා slsmartpeoples.blogsport එකට. ඉතින් මම අද අරන් ආවේ මිහිපිට අපා දුක් විදින්න සලස්වන ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7 ගැන. ඉතින් මම මේක ගැන video එකකුත් කරලා තියෙනවා ඔයලාට පුළුවන් කැමති මන් අපේ Youtube Channel එකට ගිහින් බලන්න මම පහල Link දාලා තියෙනවා.

1. ක්‍රොකොඩිල් (Krokodil)

ලෝකයේ භායකම මත්ද්‍රව්‍ය හැටි බොහෝ දෙනෙක් නම් ක්‍රොකොඩිල් හදුන්වනවා. මේකේ භයානක කම ගැන කියනවා නම් සොම්බි මත්ද්‍රව්‍ය හැටියටත් මේක හදුන්වනවා. ඒ මොකද කියනවා නම් මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ටික කාලයකින්ම ශරීරයේ මස් දියවීමට පටන්ගන්න නිසා. මේ මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රුසියාවේ තමයි පැතිර ගිහින් තියෙන්නේ. හිසේ කැක්කුම් සදහා වන කෝඩ්න් නම් ඖෂධයක්, පෙට්‍රල්, ටිනර්, හයිඩ්‍රෝක්ලොරික් අම්ලය සහ ගිනි පෙට්ටි වල ඇති රතු පොස්පරස් ඇතුලු අති භයානක 
සංයෝගයකින් තමයි මේ විනාශකාරි මත්ද්‍රව්‍ය හදන්නේ. හෙරොයින් වලට වඩා මිලෙන් අඩු වීම නිසාත් මත්ලෝලීන් අතරේ ක්‍රොකොඩිල් ජනප්‍රිය වීමට හේතු වෙලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ හම කොල පැහැ ගැනීමත් කිඹුලෙක්ගේ වගේ ගැටිති මතුවීම හේතුවෙන් තමයි ක්‍රොකඩිල් කියන නම හැදිලා තියෙන්නෙ. ඇගේ මස් දියවී අස්ථි දක්වා පැදෙන්න තරම් මේ මත්ද්‍රව්‍ය විෂ සහිත එකක්. ලෝකයේ ඇති මත්ද්‍රව්‍ය අතරින් ඇබ්බැහි වීමෙන් මිදෙන්න අමාරුම මත්ද්‍රව්‍ය වෙන්නෙත් මේක. කොහොම හරි මිදුනත් ඊට පස්සේ වසර ගනණක් යනකම් ශාරීරික සහ මානසික වේදනා වලට ලක්වෙන්න සිද්ද වෙනවා.

2.හෙරොයින් (Heroin)

1898 අවුරුද්දෙදී මුල් වරට නිෂ්පාදනය කරමු මේ හෙරොයින් ජර්මනියේ බේයර් ඖෂධ ආයතනය විසින් ක්ෂය රෝගයට ඖෂයක් විදියට තමයි මේක හදුන්වලා දීලා තියෙන්නේ. අවුරුදු සිය ගණනක් ගෙවිලා අද වෙනකොට මේ ඖෂධය ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් හැටියට පත් වෙලා. ලෝකයේ මිලියන ගණනක් ඇබ්බැහි වෙලා තියෙන මේ මත්ද්‍රව්‍ය ඉතාම ඇබ්බැහිකාර මත්ද්‍රව්‍යයක් වෙලා ඉවරයි. එක් වරක් භාවිතයෙන් පවා මේකට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේම මේ මත්ද්‍රව්‍යයේත් ලැබෙන උත්තේජනය අඩු වු වහාම නැවත නැවත ශරීරගත කිරීමට දැඩි ආශාවක් ඇති වෙන්නටත්, ඒ විදියට නැවත ලබාගන්න බැරි උනොත් අස්ථි වේදනාව, පාචනය, වමනය ආදි ඇති වෙන්න පටන් ගන්නවා. කාලයත් සමගම ආහර අරුචිය, විශාදය, ප්‍රතිශක්තිය හීනවීම ආදි රෝගි තත්ත්වයන් ද මේ නිසා ඇති වෙනවා.

3.ක්‍රිස්ටල් මෙත් (Crystal meth)

ශ්‍රී ලංකාවේ නම් මේකට කියන්නේ අයිස් කියලා ලෝකයේ ජනප්‍රියම ටෙලි සීරිස් එකක් උන Breaking Bad කතාවත්, වෝල්ටර් වයිට් අංකල්වත් මතක නම් මේ කියන්නේ මොක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ ගොඩක් දෙනෙක් ක්‍රිස්ටල් මෙත් ගැන වෝල්ටර් වයිට් අංකල්ගෙන් දැනගත්තා උනාට මේ මත් ද්‍රව්‍ය ඉතිහාසය 1800 ගණන්න් දක්වා දිව යනවා 1893 දී හොයාගනු ලැබු මේ මෙත් ඇම්ෆෙටමින් දෙවැනි ලෝක යුද්ධකාලයදී සොල්දාදුවන්ගේ ක්‍රියාශිලිත්වය වැඩි කරන්න උත්තේජකයක් හැටියට භාවිතා කරලා තියෙනවා ක්‍රිස්ටල් මෙත් ශරීර ගත කරගැනීමෙන් පසුව තාවකලික සංතෝෂයක්, ආත්ම විශ්වාසයක්, ශක්තිමත් සහ ප්‍රබෝධයක් තාවකාලිකව ඇති වන බව තමයි සදහන් වෙන්නේ. හැබැයි මේ තාවකාලික මායාවට මුලා වෙලා මිනිස් සිරුරට විශාල හානියක් කරන්න මේකට පුළුවන්. නින්ද අහිමි වීම, ආහාර අරුචිය, ඔක්කාරය වගේ දේවල් පටන් අරගෙන දත් හැලීම, පටක විනාශ වීම, මානසික විකෘර්තිතාවය නිසා මොලයට හානි කිරීම මගින් මරණය පවා ලගා කර දෙන මාරක මත්ද්‍රව්‍යක්.

4.බාත් සෝල්ට්ස් (Bath salts)

බාත් සොල්ට්ස් කියන්නේ නාද්දි ජලය එක්ක මුසු කරලා අපේ සමේ පිරිසිදු බව වැඩි කරන්න ගන්න නිෂ්පාදණයක්. ඉතින් ඔයලා බලනවා ඇති මේක කොහොමද ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය වෙන්නේ කියලා.මෙහෙමයි මේ නැමට ගන්න බාත් සෝල්ට්ස් වලට සමාන පෙනුමක් විදිහටම මේ මත්ද්‍රව්‍ය නිපදවලා තියෙන්නේ.
කැතිනොත් කියන්නේ නැගෙනහිර අප්‍රිකාවේ දක්නට ලැබෙන කාට් (Khat) කියන ශාකයේ පවතින උත්තේජනයක්. මේ කියපු උත්තෙජකය කෘත්‍රිමව නිපදවීමෙන් තමයි ඒ බාත් සෝල්ට්ස් කියන මත්ද්‍රව්‍ය නිපදවන්නේ. හැබැයි ස්වභාවික කැතිනොන් වලට වඩා මේ කෘත්‍රිමව නිපදවන එක හරිම බලවත්. ක්‍රිස්ටල් මෙත් සහ කොකේන් එක්ක් තරග කරන්න තමයි මේ මත්ද්‍රව්‍ය වෙළදපොලට හදුන්වලා දීලා තියෙන්නෙ. මේ බාත් සොල්ට්ස් අනිත් ඒවට වඩා මිලෙන් අඩු නිසා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය වගේ රටවල මත්ලෝලින් අතර සිග්‍රයෙන් පැතිර ගිහින් තියෙනවා. ගිලීමෙන්, ඉරීමෙන් අගෙම එන්නත් කර ගැනීම මගින් ශරීරගත් කරගන්න පුළුවන්. මානසික විකෘතිතාව, ආතතිය,හෘදයාබාධ ලට ලක්කරන්නටත් අස්ථි වල මාංශපේශින් දිය කර හරින්නටත් තරම් මේ මත්ද්‍රව්‍ය බලවත එකක් වෙලා තියෙනවා.

5.කොකේන් (Cocaine)

ලංකාව ඇතුලෙදි හෙරොයින් තරම් භාවිතා
 වෙන්නේ නැති උනත් කොකේන් කියන නම 
නුපුරුදු වචනයක් නොමෙයි. දකුණු ඇමරිකාවට 
ආවේණික ශාකයක් වන කෝකා ශාකයෙන් නිෂ්පාදණය කරන මේ මත්ද්‍රව්‍ය ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යයක් වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. කොකේන් කියන්නේ ඉතාම ලේසියෙන් ඇබ්බැහි වෙන්න පුළුවන් මත්ද්‍රව්‍යයක්. කාලයක් දිගට කොකේන් පාවිච්චි කරන කොට පාවිච්චි කරන කොකේන් ප්‍රමාණය වැඩි කරන්න සිද්ද වෙනවා. ඒත් එක්කම නින්ද අහිමි වීම, ආහාර රුචිය නැත්තට නැති වීම වගේ දේවල් එක්ක පුද්ගලයා ශාරීරිකව දුර්වල වෙන්නේ නොදැනුවත්වමයි. ශාරීරිකව විතරක් නෙමෙයි මානසිකවත් විශාල පරිහානියකට ලක්වෙනවා. ආතතිය හා ප්‍රචන්ඩකාරි හැසිරීම වගේම මානසික විකෘති ස්වභාවයට පත් වෙනවා. කොකේන් වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් සිවිදිවි නසාගන්න නැබුරු වෙන්න තියෙන ඉඩකඩ බොහො වැඩි.

6. වූන්ගා(Whoongo)
 
2010 අවුරුද්දෙදි තමයි මේ මත්ද්‍රව්‍ය ගැන මුල් වරට
 දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙන්නේ. 
මේ මත්ද්‍රවය හදන්න මුලිකවම යොදාගන්නේ ඒඩ්ස් රෝගින්ට ලබා දෙන Efavirenz නම් ඖෂධයට අමතරව මර්ජුවානා, මීයන්ට ලබා දෙන විෂ වර්ගයක් වගේම පිරිසිදුකාරක රසායනිකයකුත් මේ සදහා යොදා ගන්නවා.

දකුණු අප්‍රිකාවේ HIVE රෝගින් බහුලව සිටින නිසා 
ඔවුන්ට ලබා දෙන බෙහෙත් බහුල වීම නිසා මේ 
මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී ගිය බවට බොහෝ දෙනෙක් 
ප්‍රකාශ කලත් තවත් සමහරු කියන ආකාරයට මේ
 මත්ද්‍රව්‍ය HIVE බෙහෙත් යෙදා නොගෙන හෙරොයින් වලට තවත් විෂ රසායන එකතු කරලා නිපදවෙලා තියෙන බව තමයි සදහන් වෙන්නේ.
ශ්‍රී ලංකාවේ මුදලින් රු: 300ත් 400ත් අතර වටිනාකමකින් යුක්ත නිසා ඒ රටවල සිග්‍ර වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. එක පරාක් භාවිතා කිරිමෙන් මෙයට ඇබ්බැහි වීමකට ලක් වෙනවා. මේ නිසා නින්ද අහිමි වීම, වමනය, උදරාබාධ වැලදීමටත්, ප්‍රතිශක්තිය හීන වීමත් ඒ වගේම මරණයත් ලගා කරලා දෙන්න මේ මත්ද්‍රව්‍යයට පුළුවන් කමක් තියෙනවා.

5.ස්කෝපොලමින් (Scopolamine)

ස්කොපොලමින් කියන මත්ද්‍රව්‍යයේ භයානක කම නිසාම මෙක යකාගේ හුස්ම (Devil’s breath) කියන නමිනුත් හදුන්වනවා. දකුණු ඇමරිකාවේ බහුල වශයෙන් හමුවන නයිට්ශේඩ් වර්ගයේ ගස් වර්ගයකින් තමයි මේ ස්කොපොලමින් නිපදවන්නේ. අතීතයේ මුහුදු ගමන් වලදී වමනය ඔක්කාරය වගේ ලෙඩ වලක්වා ගන්න තම්යි මේක ඖෂයක් විදියට් භාවිතා කරලා තියෙන්නේ පස්සේ කාලෙක නාසීන් සහ සෝවියට්වරු විසින් තමන්ගේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් වලට මේක යොදා ගෙන තියෙනවා. මේ මත්ද්‍රව්‍ය ශරීර ගත කිරීමෙන් පසුව සැකකරුවන්ගෙන් ඇත්ත දැන ගැනීමට පහසු වන බවයි සදහන් වෙන්නේ.
ස්කෝපොලමි සම්බන්දයෙන් අතීත් කතා එහෙම උනත් මෑත භාගය වෙද්දී නම් මේක හංවඩු ගැහිලා තියෙන මත්ද්‍රව්‍යයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ මත්ද්‍රව්‍ය පාවිචි කරන්නේ වින්දනයක් ලබන්න අපේ භාෂාවෙන් කියනවා නම් ආතල් එකක් ගන්න. එත් මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ කෙනෙකුට රහසිගතව ශරීරගත කරලා ඒ පුද්ගලයාගෙන් විවිධ ප්‍රයෝජන ලබා ගන්න.
කෙනෙකුගේ මුහුණට මේ මත්කුඩ පිබීමෙන් හරි වෙනත් විදියකට ශරීර ගත කරාට පස්සේ ඒ පුද්ගලයාගේ මතක හා කල්පනා ශක්තිය නැති කරලා දත්ත වගේම ඒ මාර්ගයෙන් හොරකම්, මිනිමැරුම්,ලිංගික අපරාද වගේ අපරාධ වලට මේ පුද්ගලයා පහසුවෙන් යොදාගන්න පුළුවන්. ශරීර ගත වෙලා පැය 24 කටත් වඩා වැඩි කාලයක් පියවි සිහිය නැති වෙනවා සමහර අවස්ථා වල ශ්වසන ගැනීමේ අපහසු වීම් නිසා මරණය පවා ලගා කරලා දෙන්න මේ මත්ද්‍රව්‍යයට පුළුවන් කමක් තියෙනවා.

මේ කියපු මත්ද්‍රව්‍ය තමයි මිහිපිට අපා දුක් විදින්න සලස්වන භයානකම මත්ද්‍රව්‍ය 7 වෙන්නේ. ඉතින් මොකද මේ මත්ද්‍රව්‍ය ගැන පහළින් Comment කරන්න. මේ Post එක වටිනවා කියලා හිතනවා හොයන යාළුවෙක්ටත් බලන්න Share කරන්න.මේ වගේ තවත් අලුත් Post එකකින් ඉක්මනට එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා!

අපි SL SMART PEOPLES!

Creator of පිනියා
(SL SMART PEOPLES Production)


Comments

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation