බ්ලොක් ගල A/L Engineering Technology



              බ්ලොක් ගල

කොහොමද ඔයලා හැමෝටම මම හිතෙනවා හොදින් ඇති කියලා
ඉතින් ඔන්න අද මම අරන් අවා Technology කරන අයට බ්ලොක් ගල් ගැන.
                                                   

          


    
             ඉදිකිරීම් කටයුතු සදහා ප්‍රධාන වශයෙන් ගඩොල් භාවිතා කරත් අඩු කාලයකදී එම කාර්ය ඉටුකර ගැනීමට ඇති හැකියාවත්,ශ්‍රම වියදම අඩු කර ගැනීමේ වාසිදායක් තත්වයන් පදනම් කර ගනිමින් බොහෝ ඉදිකිරිම් කටයුතු සදහා බ්ලොක් ගල්  භාවිතයට නැබුරු වී තියෙනවා.
               බ්ලොක් ගල ඉංජිනේරු ගඩොලකට වඩා  වර්ගඵලයෙන් වැඩි වන බැවින් බැමි බැදීමේදී,අඩු කලයකින් වැඩි වර්ගඵලයක් බැදීමට හැකි වීමත්,අඩු බ්ලොක් ගල් ප්‍රමාණයක්, අඩු බදාම ප්‍රමාණයක් හා ශ්‍රමික කාලය අවම වීමත් බ්ලොක් ගල් භාවිතයට නැබුරු වීමට තවත් හේතු කිහිපයකි.

   #භාවිතයේ පවතින බ්ලොක් ගල් වර්ග 3ක් තියෙනවා.

 02.කෝෂ සහිත බ්ලොක් ගල්
 03.කුහර සහිත බ්ලොක් ගල්

දැන් අපි මේ බ්ලොක් ගල් වර්ග 3න් ගැන වෙන වෙනම බලමු,


        මේ ගඩොල් විශේෂයෙන් බර දරන් බිත්ති සදගා යොදාගනු ලබන අතර අනෙක් බ්ලොක් ගල් වර්ග 2ට වඩා බරින් වැඩි වේ. 
SLS ප්‍රමිතීයට අනුකූලව මේවායේ දිග,පළල,උස පිළිවෙලෙන් 400*100*200 mm හෝ 400*200*200 mm වේ.
බ්ලොක් ගල් භාවිතා කර කරනු ලබන ඉදිකිරිම් සිදු කරනුයේ බඩගල් බැමි ආකාරටයයි.ඇතැම් විය මේ වර්ගයේ බ්ලොක් ගල් වල දෙකෙළවර ඇලි පිහිටුවා ඇති අතර එමගින් ගඩොල් හා බදාමය අතර සාර්ථක සම්බන්ධතාවයක් ඇති කරනු ලබයි. 
                 






      





          මෙම වර්ගයේ බ්ලොක් ගල් වල පසාරු නොවන සිදුරු 2ක් හෝ ඊට වැඩි ගණනක් අන්තර් ගතව පවතී.
බර නොදරන බිත්ති සදහා මේ බ්ලොක් ගල් භාවිතා කෙරේ.SLS ප්‍රමිතියට අනුව දිග,පළල,උස පිළිවෙලින් 400*150*220 mm හෝ 400*100*200 mm හෝ 400*220*220 mm හෝ පිහිටන පරිදි වු විවිධ ප්‍රමාණයන්ගෙන් නිපදවේ.
විශේෂයෙන් ගොඩනැගිලි වල ඉහළ මාලයන්හි වෙන් කිරිම් සදහා යොදා ගැනීමෙන් ගොඩනැගිල්ල මත ඇති කරනු ලබන භාරය අඩු කරගත හැකි වීම විශේෂ වාසියකි .
තාප හා ශබ්ද පරිවරක් සේ ක්‍රියාකිරිම මෙහි තවත් විශේෂ වාසියකි. 



03.කුහර සහිත බ්ලොක් ගල්

  මෙම බ්ලොක් ගල්වල සම්මත් මිනුම්කෝෂ සහිත වර්ගයේ සම්මත මිනුම් වලට සමාන වේ. මෙම වර්ගයේ බ්ලොක් ගල් වල පසරු සිදුරු 2ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වේ.
සාමන්‍යයෙන් මෙම බ්ලොක් ගල් භාවිතා කරන්නේ බර නොදරන බිත්ති බැදීමට වුවද මෙහි පසාරු සිදුරු ඇති නිසා එවා තුලට දුර්වල තනි කොන්ක්‍රීට් මිශ්‍රණයක් යොදා සුසංහසනය(තෙරපීම) කිරීමෙන් බර දරන බිත්තියක් බවට පත් කල හැකිය.ඊට අමතරව අවශ්‍ය ස්ථාන වල කම්බි යොදා වැරගන්වු කොන්ක්‍රීට් කුලුනු බවට පත් කර ගැනීමේ හැකියාක් ද පවති.එලෙස වැරගැන්වු කුලුනක් ලෙස යොදා ගැනීමේදි හැඩයම් සහ මුක්කු අවශ්‍ය නොවීම ද,ද්‍රව්‍ය සදහා ශ්‍රම වියදම අඩු වීමද විශේෂ වාසියකි. 



ඔන්න ඔය ටික තමයි Syllabus එකට අනුව නම් බ්ලොක් ගල් ගැන් කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ එක ඔගොල්ලොන්ට ප්‍රයෝජනවත් වේවි කියලා.
මොනවහරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් Comments එකක් දාන්න. Post එක හොද නම් කරන යාළුවන්ට දැනගන්න Shear කරන්න.
   ඔයාලට කැමති නම් මම මේකේ PDF file එකක් පහලින් දාලා තියෙනවා.
           මේ වගේ Post එකකින් හමුවෙමු.දිගටම අපේ slsmartpeoples.blogspot.com එකත් එක් එකතු වෙලා ඉන්න.
                     ඔයාලා හැමෝටම ජය වේවා.


Comments

  1. බ්ලොක් ගල් නිෂ්පාදනය කරන විට අමුද්‍ර්‍යව්‍ය යෙදීමේ නිවැරදි අනුපාතය කුමක්ද

    ReplyDelete
  2. කෝෂ සහිත බ්ලොක් ගල් භාවිතයේදී කොෂ විවර උඩු අතටද බැම්ම බදින්නේ

    ReplyDelete
  3. බැදුම් ගල කියන්නෙ මොකක්ද 🤔

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation