5G Technology (5G තාක්ෂණය)



කොහොමද කට්ටියට මම පිනියා.ඔයාලා සාධරෙන් පිළිගන්නවා slsmartpeoples.Blogspot එකට.
අද මම ගෙනවා 5G Technology එක ගැන.එහෙනම් අපි බලමු 5G Technology කියන්නේ මොකක්ද,ඇයි මේ Technology එක කලින් තිබුන Technology වලට වඩා විශේෂ වන්නේ කියලා මේ Post එකෙන් අපි අද කතා කරමු.


දැන් අපි පාවිච්චි කරන 3G,4G වලට කලින් තිබුන තාක්ෂණය ගැන පොඩ්ඩක් බලමු. අන්තර්ජාලය භාවිත වු මුල් යුගයේ තිබුනේ 1G  තාක්ෂණය. මේකේ G අකුරෙන් කියන්නේ Generation කියන එක. මේ 1G තාක්ෂණය මුල් වරට ඇමරිකාවේදි 1980දී තමයි මුලින්ම ආවේ. එතකොට මේකේ වේගය වුනේ 2.4 kbps(0.0003MB/s) විතර. මේ වේගය ප්‍රමාණවත් නොවුනු නිසා මීට වඩා වේගවත් තාක්ෂණයක් උවමනා උනා.
ඉතින් මිට වඩා වේගයක් හොයාගෙන් යනකොට ඔන්න 1991දී 2G තාක්ෂණය ෆින්ලන්තයේ GSM(Global System for Mobile Communications) විසින් ලෝකයට හදුන්වා දෙනවා. ඒ වගේම තමයි අපි කාටත් පුරුදු වචනයක් තමයි GPRS කියන්නේ. 2G තාක්ෂණයත් සමගම තමයි මේ GPRS කියන දේ ඉදිරියට එන්නේ. GPRS  (General packet Radio Service) එක්ක 2G එකට එක් වෙලා 2.5 තාක්ෂණය කියලා තාක්ෂණයක් එනවා. මේකේ වේගය 50 kbps(0.00625MB/s)  උනා. ඉට පස්සේ EDGE(Enhanced Data Rates for GSM Evolution) කියන තාක්ෂණය අවා,මේක හැදින්වුනේ 2.75G කියලා.මේකේ වේගය 1Mbps (0.125MB/s) විතර වුනා.
ටික ටික ලෝකය දියුණු වෙනකොට වැඩි වේගයක් අවශ්‍ය වුනා ඔන්න එතකොට ජපානට විසින් 1998 දී 3G තාක්ෂණය ලෝකයට හදුන්වලා දුන්නා. 3G තාක්ෂණයේ වේගය 384 kbps(0.048 MB/s) වුනා. ඊට පස්සේ 3.5G හෙවත් HSPA තාක්ෂණය 7.2 Mbps(0.9 MB/s) වේගයක් සමගින් පැමිනියා. ඒත් සමගම 3.75G හෙවත් HSPA+ තාක්ෂණය 21.6 Mbps(2.7 MB/s) වේගයක්න් ලෝකයට එලි දැක්වුනා. 
මේ 3G Technology එකේ වේගයත් ලෝකය දියුනු වෙනවාත් සමගම මදි වෙනවා. මේකට විසදුමක් හැටියට වර්තමානය වෙන කොට පවතින 4G තාක්ෂණය ලෝකයට එන්නේ. අද වෙනකොට මේ 4G තාක්ෂණය බොහෝ දෙනෙක් කතා බහට ලක් වෙනවා. එත් 4G තාක්ෂණය හිතපු තරම් වේගයක් නොලැබුන නිසා,ඒ අදාල පුද්ගලයන්ට මේ තාක්ෂණය දියුනු කරන්න වුනා. ඊට පස්සේ දැනට ප්‍රයෝගික ලබාගන්න පුලුවන් අධිවේගිම අන්තර්ජාල වේගයක් තියෙන 4G LTE තාක්ෂණය ලෝකයට එනවා. LTE කියන්නේ (Long Term Evolution) කියන එක 4G LTE වල වේගය 100 Mbps(12.5 MB/s) විතර වෙනවා. ඒ වගේම 4.5G තාක්ෂණය හෙවත් 4G LTE-A තාක්ෂණය ගැන කතා වෙනවා. නමුත්
4G LTE-A වලට වඩ දැන් වෙද්දී කෙලින්ම 5G තාක්ෂණයි ගැන තමයි ලෝකයේ අවදානය දීලා තියෙන්නේ.
ඔන්න දැන් කියන්න් යන්නේ ලාංකික අපට වැදගත් වන දෙයක් ගැන.
ඒ තමයි Dialog ආයතනය දකුණු ආසියාවේ පළමු වතාවට 5G තාක්ෂණය ශ්‍රී ලංකාවේදී සාර්ථකව අත්හදා බැලුවා. 5G තාක්ෂණය කියන්නේ දැනට එන්න් තියෙනා අධිවේගීම අන්තර්ජාල වේගය සහිත අලුත්ම තාක්ෂණයක්.

·       හරි දැන් අපි මෙච්චර වෙලා කතා කරානේ 1G ඉදලා 5G දක්වා ආපු දුර ගැන. දැන් පි බලමු ඇයි මේ 5G ලෝකයට අවශ්‍ය වන්නේ ලියලා.


අපි දැනටත් අපේ ජංගම දුරකතන,පරිගණක වගේ දේවල් අන්තර්ජාලය සමග සම්බන්ද කර ගෙන කටයුතු කරනවා, නමුත් ක්‍රමයෙන් දියුණුවෙන ලෝකයේ අපට මේ දේවල් වලට අමතරව අපි ලග තියෙන ඉලෙක්ට්‍රොනික් උපකරණ,රථවාහන වගේ දේවලුත් ආන්ත්ර්ජාලය සමග සම්බන්ද කරලා කටයුතු කරන්න වෙනවා. මේ වගේ වෙද්දී අපි දෙයක් කරලා යම් කිසි වෙලාවක් ගිහින් ඒ අදාල දේ වෙන එක අවුල් වැඩක් තේරුනේ නැනේ හරි අපි මෙහෙම බලමුකෝ අපි ලයිට් එකක් on කරනවා. නමුත් එක on වෙන්නේ තත්පර 30ක් විතර ගිහින් නම් දෙයක් කරලා යම් කිසි වෙලාවක් යනවා නම් ඒ කරපු දේට ප්‍රතිඵල ලැබෙන්න අන්න එකට කියන්නේ Latency එකක් කියලා.
ඒ නිසා 5G තාක්ෂණයට් පුළුවන් වෙන්න ඕන උපාංග විශාල ප්‍රමාණයක් එකවරම Latency එක බොහොම අඩුවෙන් මෙහෙයව ගන්න. මෙහිදී තමයි 5G ඕන වෙන්නේ. මොකද 5G වල Latency එක වෙන්නේ 1Ms එකක් (මිලිතත්පර 1) වගේ සුළු කලයක් විතරයි.

දැනට තියෙන තොරතුරු වලට අනුව මේ 5G ඇන්ටනා එකකට පුලුවන් එකවර උපාංග ලක්ෂයක් පමණ මෙහෙයවන්න. නමුත් 4G ඇනටනා එකකට පුලුවන් වෙන්නේ එකවර උපාංග 100-200 වගේ මෙහෙයවන්න විතරයි.
ඒ වගේම ඔයාලා COD,DOTA  වගේ Multiplayer Game සෙල්ලම් කරනවා නම් සමහර වෙලාවට Game පොඩ්ඩක් හිරවෙනවා,තව අපි කරන දේ ඒ එක්කම නොවී පොඩ්ඩක් පහු වෙලා  වෙනවා නේද එ කියන්නේ Latency එකක් තියෙනවා කියන එක නේද.
මේ වගේ දේවල් මග හරවා ගන්නත් 5G උපකරි වෙනවා මොකද 5G වල  Latency එක 1Ms වන නිසා ගොඩක් Accurately සෙල්ලම් කරන්න පුළුවන්.
ඔන්න තව දෙයක්  තමයි, දැන් අපි කියමුකෝ 5G තාක්ෂණය භාවිතා කරන පිරිස වැඩි ප්‍රදේශයකට වැඩිපුර 5G Signal යවන්න පුළුවන් හැකියාවත් මේ 5G තාක්ෂණයට තියෙනවා. මේකට කියන්නේ Beamforming කියලා. මේ නිසා අන්තර්ජලය වැඩි පිරිසක් භාවිතා කරන්නත්,ඉතා හොද වේගයක් ලබාගන්නත් පුළුවන් කම තියෙනවා.
සෑම ප්‍රදේශයකම අන්තර්ජලය භාවිතා කරන පිරිස සැලකිය යුතු ප්‍රමාණයක් සිටියොත් ඒ සියලුම ප්‍රදේශ වලට සමාන Signal ලබා දෙන්නත් මේ 5G Technology ය තුල තියෙන විශේෂත්වයක්.
ඒ වගේම තමයි 5ලබාගෙන තියෙන කිසියම් උපාංගයක් ඉන්න තැන සිට වෙනත් තැනකට යනවා නම් ඒ උපාංගය track කර ගෙනම ඒ Signal ලබා දීමේ හැකියාවත් මේ 5G වලට තියෙන තවත් හැකියවක් මේකට කියන්නේ Beamtracking කියලා.
තව දෙයක් තමයි 5තාක්ෂණය නිසා ඉදිරියේදී මිනිසුන් අතර වගේම රථ වාහන අතරත් සන්නිවේදනය ඉතාමත් ඉහලින් දියුණු වෙන්න පුළුවන්,ඒ වගේම මේකේ වේගය ගැන මම කියන්න යන්නේ නැ මොකද තාම එක පරික්ෂණ මට්ටමේ තියෙන නිසා. කලින් කියපු විදියට Dialog ආයතනයෙන් 5G අත් හදා බලද්දි 35 Gbps(4375 MB/s හෝ 4.375 GB/s)
වේගයක් ලැබුනා ඒ වේගයට ලගින්වත් යන වේගයක් ප්‍රායෝගිකව ලබාගන්න පුලුවන් වුනොත් එක ඉතාමත් වැදගත් වෙනවා ඉදිරියට.
ඊ වගේම කියන්නඔනේ කලින් කියලා තියෙන තාක්ෂණයට අදාලම එහිදී කියලා තියෙන අන්තර්ජාල වේගයන් Theoretical වේගයන් විතරයි.අපට එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව ලබාගන්න පුලුවන් වෙන්නෙ ව්මේ කියලා තියෙන වේගයන්නට  වඩා අඩු වේගයක්.
සියලුවම වේගයන් කියල තියෙන්නේ Mbps වලින් හා MB/s වලින්.ඒ කියන්නේ 1 Mbps කියලා තියෙන්නේ තත්පරයකදී මෙගාබයිට් 1ක් යනව කියන නෙමේ,මොකද 8 Mbps තමයි,මෙගාබයිට් 1වෙන්නේ (8Mbps=1MB/s) ඒ අනුව 1 කියන්නේ එක තත්පරයක් තුලදී මෙගාබයිට් 1ක් යනවා කියන එක.

ඔන්න මම 5G ගැන දන්න හැම දෙයක්ම කියල තියෙන්නේ,ඔයාලත් මොනවා හරි 5G ගැන දන්නවා ඇති පහලින් comment කරන්න. Post එක වටිනවා කියලා හිතෙනවා නම් Technology වලට කැමති යාළුවෙක්ට බලන්න Share කරන්න.අදට එහෙනම් මම ගිහින් එන්නම් මේ වගේම තවත් අලුත් එකකින් එන්නම්.

අපි SL SMART PEOPLES

Comments

Post a Comment

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation