About the movie copies we get online (අන්තර්ජලය හරහා අපට ලැබෙන චිත්‍රපට පිටපත් ගැන )
කොහොමද
කට්ටිය හැමෝටම මම පිනියා. ඔයාලා සාධරයෙන් පිලිගන්නවා slsmartpeoples.blogspot එකට.
අද
මම ගෙනාවා බලන කට්ටියට ගොඩක් වැදගත් වන දෙයක්. ඒ තමයි අන්තර්ජලය හරහා අපට ලැබෙන චිත්‍රපට
පිටපත් ගැන. එහෙම නම් අද කතා කරමු මේ ගැන.
01. CAM
ගොඩක් අය
දන්න දෙයක් තමයි. කැමරා කොපි ලෙස හදුන්වන්නේ මේ ආකාරයේ චිත්‍රපටි පිටපත්, බොහෝ අවස්ථා
වලදී මෙවැනි පිටපත් සාදන්නේ චිත්‍රපටි ශාලාවට විඩියෝ කැමරාවක් ගෙන ගොස් චිත්‍රපට ශාලාවේ
චිත්‍රපටය පෙන්වන තිරය රුගත කිරීමෙනුයි.
බොහෝ අවස්ථාවල
තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රුගත කරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද
වෙනස් වෙනවා. තිරයේ ඇති කුරු වැනි දැ කියවීමට අපහසුයි. හඩ ලබාගැනීම සදහා කැමරාවේම ඇති
මයික් එක භාවිතා කරනවා.කලාතුරකින් හැරුනු කොට CAM
පිටපත් ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහල මට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත්
වී සතියක් යාමටත් මත්තෙන් මේ වර්ගයේ පිටපත් ලබාගන්න පුළුවන්.
02. TELESYNC
(TS)
මේකත් බොහෝ
දුරට CAM පිටපත් වලටම සමානයි. ඒත් මේකේ තියෙන විශේෂත්‍යක් තමයි හඩ ලබාගන්නේ කැමරාවේ
ඇති Microphone එකෙන් නෙවෙයි. පැහැදිලි හඩ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවට සම්බන්ද
කිරිමෙනි.
විදේශ රට වල
සිනමාශාලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීම සදහා තම ආසනයේ Headphone සවි කරලා තියෙනවා.
අන්න් ඒ ජැක් එක පාවිච්චී කරලා තමයි කැමරාවට හඩ ඇතුලත් කිරීම සිදු කරන්න. මේ නිසා
CAM පිටපත් වලට වගේ නෙමෙයි පිටපත් වලදි හඩ පැහැදිලිව ඇසීමට පුලුවන්. හැබයි රුපපෙන්නේ
නම් CAM ආකාරයටමයි. ඇයි මේක CAM එකට වඩා Sound එක විතරයිනේ හොද වෙන්නේ.
TC ආකාරයට නිකුත්
වන චිත්‍රපට පිටපත් අපට වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපට පෙන් වීම
සදහා භාවිතා කරන REELS ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙස හදුන්වනවා.
මේ කාර්ය කිරීම සදහා අවශ්‍ය උපකරන හිග වීමත් දුෂ්කර භාවයත් නිසා බොහෝ අවස්ථා වල දැක
ගැනීමට නොහැකියි.
නමුත් හඩ සහ පින්තූර වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවතිනවා.
04. SCREENER
(SCR)
චිත්‍රපටයක්
නිකුත් වු විට එහි පිටපත් PREVIEW එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා.
මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් SCR ලෙස හදුන්වනවා. VHS එක අලුත් නම්
පිටපත් පැහැදිලි වෙනවා. නමුත් ප්‍රකාශන අයිතිය සදහන් වැකි, කොපි කර ඇත්නම් දැනුම් දෙන්න
යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවටම දර්ශන විය හැකිය.
05. DVD-
SCREENER (DVD SCR)
SCR මෙන් නොව
මෙය පෙර සදහන් කල පරිදි යවන DVD එකකින් උපුට ගනු ලබවනවා. නමුත් ප්‍රකාශන අයිතිය සදහන්
වැකි, කොපි කර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවටම
දර්ශන විය හැකිය.
06. DVD
Rip
ජනප්‍රියම
පිටපත් ක්‍රමය යැයි කිවහොත් මා නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසනයේ
මිලදී ගැනීම සදහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වෙනවා. හඩ මෙන්ම රූප
වලද ගුණාත්මක්භාවය ඉහලයි. නමුත් මේකේ තියෙන ප්‍රධාන අවාසිය තමයි චිත්‍රපටය නිකුත් වී
DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමට සිදු වීමයි.
07. VHS
Rip
DVD Rip පිටපත්
ලෙස චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රදර්ශණය කොට අවසානයේ මිලදී ගැනීම සදහා නිකුත් කරන
VHS වලින් මේ පිටපත් නිර්මාණය වෙනවා.
08. TV
Rip
රූපවාහිනයේ
විකාශනය වන අතරතුර copy කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනි නාලිකා වලට විකාශය
වීමට නියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙස හදුන්නවවා.
සමහර අවස්ථා වල වෙලද දැන්වීම් හා රූපවාහිනි ලාංඡන වැනි දෑ දකින්න පුලුවන්.
09. HD Rip
HDTV මාර්ගයෙන්
පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වෙනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහල වුවත්
BDRip වලට වඩා අඩුයි.
10. Divx
Re-Enc
චිත්‍රපටය DVD හෝ VCD තැටියකින් ලබාගෙන ප්‍රමාණයෙන්
කුඩා Divx ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා.
බොහෝ අවස්ථා වල 350mb,200mb ලෙස ප්‍රසිද්ධව තියෙන්නේ මේවා
තමයි.
11. DivX/XviD
DivX හෝ
XviD ලෙස හදුන්වන්නේ මෙතෙක් සදහන් කල පිටපත් වර්ගයක් නොව බහු මාධ්‍ය සදහා වු file
format එකක්. මෙහි cords වර්ග 2ක් භාවිතා වෙනවා. ඒ low motion හා high motion වශයෙන්.
දැන් බොහෝ විට යොදාගන්නේ high motion cords විතරයි.
12. XVCD/XSVCD
කලින් කිවුව
විදියටම මේකත් file format එකක්. වඩා වැඩි තිර විභේදනයකින් යුත් video සදහා යොදා ගන්නවා.
13.
WEB-DL/ WebRip
මේ පිටපත්
හදන්නේ Online films පෙන්නන වෙබ් අඩවි වලින් ගන්න පිටපත් වලිනුයි.මේවායේ ගුණාත්මක බව
ඉහලයි. (HULU,AMAZON Prime,NETELIX,HUNGAMA,TENTKOTTA,ITUNES) මේවා තවයි උදාහරණ.
14. BRRip/BDRip
මේ පිටපත් 2කම
චිත්‍රපටයක අවසාන ලෙස නිකුත් වන BluRay පිටපත් තැටි මගින් Rip කර බලාගන්නා පිටපතකි. 20GB BluRay තැටියක් Quality හානි නොවන පරිදි සාමාන්‍යයෙන්
1GB පමණ වනතෙක් Rip කරගත හැකිය. චිත්‍රපටයේ නියම ස්වභාවය පිටපතෙහි ඇති ඉහල ගුණාත්මක
භාවය නිසා රසවින්දනය උපරිම ලබාගත හැකි පිටපතකි.(1080p FHD,720p,2160p,4K,VHD ලෙසින්
BluRay තටි Rip වේ. )
ඔන්න ඔවා තමයි. Films එන පිටපත්. ඉතින් මම හිතනවා ඔයගොල්ලො
හැමෝටම මේ post එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. Films බලන යාළුවෝ ඔයටත් ඇති ඒ යාළුවන්ට
බලන්න. මේ post එක Share පරක් දාන්න. ඒ වගේම මේ post එක ගැන ඔයාගේ අදහස් පහලින්
comment කරගෙන යන්න. මේ වගේ post මම තව ලියලා තියෙනවා. slsmartpeoples,blogspot.com
අපේ bloger එකට ගියාම ඔයාලන්ට බලාගන්න පුලුවන්.
එහෙනම් මම අදට ගිහින් එන්නම් මේ වගේ තවත් අළුත් post එකකින් එනකන් ඔයාලා හැමෝටම ජය
වේවා!
අපි SL SMART PEOPLES
Comments
Post a Comment