An Android Smart Phone from Microsoft (Microsoft එකෙන් Android Smart Phone එකක් එයි.)


Microsoft එකෙන් Android Smart Phone එකක් එයි.
(Surface Duo)  



කොහොමද කට්ටියට මම පිනියා.ඔයාලා සාධරෙන් පිළිගන්නවා slsmartpeoples.Blogspot එකට.
ඔන්න අදත් ඔයාලා හැමෝටම ගෙනවා අළුත් Post එකක්. Technology ගැන හොයන අයට නම් ගොඩක් වැදගත් වෙවි.






Microsoft සමාගමේ අළුත් නිෂ්පාදන එලිදක්වන ප්‍රධාන Event එකක් තමයි. Surface කියන්නේ. මේ අවුරුද්දේ තිබුන Surface Event 2019 ගිය මාසේ එ කියන්නේ ඔක්තෝබර් මාසේ New York වල තමයි මේක තිබුනේ. මේ Event එකේ ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක් වෙලා තියෙන්නේ Surface Duo Smart Phone එක ගැන තමයි. ඒ වගේම තමයි Surface Neo Tab එක ගැනත් බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙල තියෙනවා.

ඉතින් Microsoft සමාගම සිය Surface උපාංග සමග Windows මෙහෙයුම් පද්ධති වෙනුවට Android මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කරනවා. මේකෙන් පෙනෙන්නේ තවදුරටත් Software වෙළදාම ගැන විශ්වාසයක් Microsoft සමාගමට නැති බවයි. Windows මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබා දෙමින් ප්‍රකට කල මෙම ප්‍රවනතාව දැන් ඉහල ස්ථානයට පැමිණ ඇතැයි විචාරකයෝ පවසනවා.
මේ විදියට Software හැර දමා Hardware වෙලදපොල අරා පැතිරෙන්නට Microsoft සමාගම උත්සහ දරන්නේ Surface නාමය යටතේ උපාංග දියුණු කිරීමටය.

මේ Event එකේදී මෙවැනි දෘඩාංග (Hardware) 6ක් ඉදිරිපත් කිරීමට Microsoft සමාගමට හැකියා ලැබි තිබෙනවා. Duo හා Neo උපාංග වලට අමතරව Surface pro 7, Surface laptop 3…. වගේ තවත් උපාංග කිහිපයක් මේ Event එකේදී එලි දැක් වුනා.

හරි දැන් අපි අපේ මාතෘකාවට එමුකෝ.

Ø Surface Duo හා Surface Neo




මේ Surface Duo හා Surface Neo උපාංග 2ක අතර ඇති සාමානකම තමයි, උපාංග 2කට Screen 2 ක් සහිතවීම (Dual Screen) සහ දෙකට නැවීමට හැකි වීම (Foldable) යි. සම්පුර්ණයෙන්ම අනෙක් අතට (3600) දෙකට නවා, ඒ මත එක පිහිටුවාලු Screen 2 ක් විදියට භාවිතා කල හැකි උනත් Screen නම්යශීලිව ඔතා නවන්න බැහැ.

මේ 2කේ තියෙන අසමානතා තමයි. විශාලත්වය ඒ වගේම තමයි මේ උපාංග දෙකේ ක්‍රියාත්මක වෙන මෙහෙයුම් පද්ධති 2ක් වීමයි.
Surface Neo එක අගල් 13 Screen එකක් තියෙනවා. එකේ ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය තමයි Windows 10 X. Surface Duo එකේ ක්‍රියාත්මක වෙන්නේ Google සමාගමේ Android මෙහෙයුම් පදධතිය. මේකේ Screen එක අගල් 8.6 වෙනවා.දෙකට නවනකොට Screen එක දෙකට බෙදිලා තමයි යන්නේ. මේකේ පිටිපස්සේ කැමරාව (Rear Camera) විතරයි තියෙන්නේ.

Surface Duo Smart Phone එකේ ක්‍රියාත්මක කෙරෙන Android සංස්කරන්ණයේ අතුරු මුහුණත Windows 10 X එකට ඉතා කිට්ටු වෙන සේ වෙස් ගන්වා තිබෙන්නකි. එයට ඕනෑ කරන App සාමාන්‍ය විදියට Play Store එකෙන් ලබාගන්න පුළුවන්. මේකේ තීයෙන විශේෂත්වයක් තමයි උපාංගයේ Screen දෙකෙන්ම App 2ක් ක්‍රියාත්මක කිරිමට හැකි වීමයි. Surface Duo SmartPhone එක ක්‍රියාත්මක කෙරෙන්නේ ස්නැප් ඩ්‍රැරැගන් 855 Prosser එකකින්. Smart Phone අතරට Surface Duo Smart Phone එකත් එක් වෙනවා.

Surface Neo දෙකට නමා සාමාන්‍ය Laptop එකක් ලෙස මේසයක් මත තබන්න පුලුවන් Laptop එක් විදියට දෙකට නවන්න පුවන්න වගේම එක් Screen එකක් මෙහෙයුම් පද්ධතිය ලෙසත් අනිත් Screen එක Touch Screen Keyboard එකක් ලෙස ක්‍රියාකරනවා.
Microsoft සමාගම දෙකට නැවිය හැකි මෙවැනි Digital උපකරණය හදන්න වසර ගනණාවක් සැලසුම් කරලා තියෙනවා මුලින්ම Microsoft Courier යන කේත නාමයෙන්ද ඊට පස්සේ Andromeda යන කේත නාමයෙන්ද නම් කර තිබු උපාංග පසුව නිපදවීම අත්හැර දැමු බව Microsoft සමාගමෙන් නිවේදනය කලත් දැන් පෙනෙන්නට තිබෙන්නේ එම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන ගොස් ඇත් බවකි.

මේ විදියට Surface Event එකේ එලි දැක්වුනු Surface Neo සහ Duo යන උපාංග දෙකම තවත් වැඩි දියුණු කරලා 2020 දී වෙලදපොලට ඉදිරිපත් කරන බව තමයි Microsoft සමාගම විසින් කියන්නේ.


ඉතින් මොකද හිතන්නේ Surface Neo එකයි Surface Duo එකයි ගැන ඔයාගේ අදහස පහලින් comment කරන්න. Post එක ඔයා වගේම Technology News වලට කැමති යාළුවෙක්ට බලන්න Share කරන්න. අදට මම ගිහින් එන්නම්.මම හිතනවා Post එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අපේ එකත් එක්ක දිගටම රැදිලා ඉන්න ආරාධනා කරන ගමන්, මේ වගේම තවත් අලුත් Post එකකින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා!

අපි SL SMART PEOPLES.

Comments

Post a Comment

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation