Area 51 (එරියා 51)



AREA 51



කොහොමද කට්ටිය හැමෝටම. මම පිනියා ඔයලා සාදරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට ඉතින් ඔන්න මම අද ගෙනාවා පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන ගොඩක් දෙනෙක් මේක දන්නවා ඇති.ඒ උනාට නොදන්න මොනව හරි දැනගන්න පුළුවන් වේවි. එක නිසා Post එක ඉවර වෙනකන් කියවන්න. අද මම කතා කරන්නේ ලොකයේ ගොඩක් දෙනෙක් හොයන එත් තොරතුරු හොයාගන්න අමාරු තැනක් ගැන. ඒ තමයි ඇමරිකාවේ තියෙන එරියා 51 ගැන. නම කිවුවම නොදන්න කෙනෙක් නැනේ ඉතින්.


         
   
          එරියා 51 හමුදා කදවුර පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රදේශයේ ලාස් වේගාස් නගරයේ සිට සැතැපුම් 80 පමණ වයඹ දෙසින්. එඩ්වඩ් හමුදා ගුවන් කදවුරේ කොටසක් ලෙසින් සැලකෙන මෙම ප්‍රදේශය ඇමරිකානු රජය විසින් හදුන්වනු ලබන්නේ නෙවාඩා පරික්ෂණ සහ පුහුණු ප්‍රදේශය ලෙසින්. එහෙත් ඇමරිකානුවන් අතර මෙම හමුදා පුහුණු කලාපය වගේම සෙසු හමුදා පුහුණු ප්‍රදේශන් ඉතාම රහසිගත ප්‍රදේශ ලෙසින් පවත්වා ගෙන යනු ලබනවා. මේ කලාපයට ප්‍රවේශ එන්න එතරම් පහසු නැහැ. ඒ වගේම ගුවනින් පවා මේ හමුදා පුහුණු ප්‍රදේශයට ලගා වීම නොහැකි අන්දමින් ආරක්ෂාව තර කර තියෙන්නේ.

මේ තරම් දැඩි රැකවල් ඇති එරියා 51 ප්‍රදේශයට ඇතුළු වීමට කැමති අයට මනාපය පල කරන්නැයි  Facebook page එකේ සටහනක් තබා තිබුනා. මේ වෙනුවෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුනා. මේ තරම් උණුසුම් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තේ අතීතයේ පටන්ම මෙම කලාපය පිටසක්වල ජිවින් හැසිරෙන ප්‍රදේශයක් ලෙසින් වු කට කතා බොහෝමයක් ගොඩ නැගි තිබුණ නිසයි.    
අපි එහෙමනම් පිටසක්වල ජීවිනුත් දැකබලා ගනිමු. බොහෝ දෙනෙකු විසින් ඒ අන්දමින් සටහන් තබද්දි ඇමරිකානු ගුවන් හමුදා ප්රකාශිකාවක් විසින් වොෂිංටන් පුවත් සේවයට පවසා ඇත්තේ ඇමරිකාවේ සම්පත් රැකගැනීමට අප සුදානම් බව.
2013 වසරේදි නිල වශයෙන් එරියා 51 ප්‍රදේශය හදුනාගනු ලැබු අතර මෙම කලාපයේ හදුනා නොගත් පිටසක්වල ජීවින් සිටින බවට වු දුෂමාන් ආරංචි ඇමරිකා එකසත් ජනපදය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එරියා 51 මුල් කර ගෙන මෙවැනි අදහස් නිර්මාණය වුයේ 1989 වස්‍රේදී බොබි ලේසර් විසින් ඔහු මෙම එරියා 51 ප්‍රදේශයේ රැකියාවේ නිරතව සිටි බව ඇමරිකානු රූපවාහිනි වැඩ සටහනක් වෙනුවෙන් සදහන් කිරීමත් සමගය. මේ අදහස මුල් කර ගෙන නෙට්ලික්ස් මාධ්‍ය ජාලය විසින් වර්තාමය වැඩ සටහනක් ඉදිරිපත් කර තිබේ. බොබ් ලේසර් කියා සිටින්නේ ඔහුගේ රැකියාව හදුනා නොගත් පියාඹන වස්තු හා සම්බන්ධ බවත් පිටසක්වල ජීවින් පෘථිවියේ ගත කරන ජීවිත ගැන ඇති රාජයේ ලියකියවිලි පවා තමා කියවා ඇති බවයි.


ඔහු එසේ කිවුවත් ඒ ගැන සහතික වීමට සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට අසමත්වි ඇති අතර ඔහු දැඩි උපහාසයෙන් හෙලා දක්වමින් කියා සිටින්නේ ඇත්තටම බොබ් ලේසර්ගේ භෞතික විද්‍යාව පිලිබද උපාධියත් ඔවුන්ට සැකයක් බවයි.
තෝමස් බුලාඩ් විසින් ඔහුගේ The Myth and Mystery of UFOs කෘතියේ සදහන් කරන්නේ වියට්නාම සහ වෝටර්ගේට් සිද්ධි නිසා රජය ගැන මහජනතාවගේ පිලිගැනීම පලුදු වෙමින් පවතින් කලයක එරියා 51 සහ රොස්වෙල් සිදුවීම ගැන වැඩි අවදානයක් යොමු කල බවයි.
ඒ නිසා ජනතාවගේ අවධානය මෙම ගුප්ත කලාප දෙසට යොමු වෙනු විනා ඇමරිකානු රජයේ දෙපිටකාට්ටු වැඩපිලිවෙල ජනතාවගෙන් නොදැනීම මග හැරෙන බව ඔහු සදහන් කරයි.

1947 වසරේදි  ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝස්වෙල් ප්‍රදේශයෙන් මැක් බ්‍රේසන්ස් නැමති අයෙක් රෝස්වෙල් ප්‍රදේශයේ එවිදින විට විශාල ශබ්දයක් ඇසිනි. රාත්‍රියේ මේ ගැන සොයන්න බැරි නිසා ඔහු පසුදින මේ ශබ්දය ගැන සොයමින් රෝස්වෙල් ප්‍රදේශයට ගියත් ඔහුට කිසිම විශේෂ දෙයක් දැක ගැනීමට නොලැබීම අවාසනවට කරුණයකි. එහෙත් යානයේ සුන්බුන් සහ ලෝහ කැබලි දැක ගන්නට ලැබුනු නිසා මැක් මේ පිලිබදව අණදෙන නිලදාරි කර්නල් විලියම් බැලන්වාඩිය වෙත දන්වා සිටියේය.  
එම ලෝහ කැබලි අධික තාපය නිසා වැලි උණු වීමෙන් විදුරු තත්වයට පත්ව තිබු අතර අමුතු මල සිරුරු කිහිපයක්ද තිබින. උස අඩි 5 කට වඩා නොවුන මේ සිරුරු බැලු බැල්මට අද්භූත බවක් පෙනුණු බවත්. එක් ජීවියෙකුගේ ප්‍රාණය තිබුනත් මේ සිදුවීම රහසකව තබා ගැනීමට ඇමරිකානුවන් විසින් මෙම ප්‍රදේශය තහනම් කල්කාපයක් ලෙසත් නම් කරන ලදි. ජනමධ්‍ය වෙතට ඔවුන් ප්‍රකශ කලේ කාලගුණ බැලූනයක් පිපිරීමෙන් මේ සිද්ධිය ඇති වු බවයි.
තවත් අවස්ථාවක ගුවන් හමුදා කදවුරක සාත්තු සේවිකාවක ලෙස සේවය කල කාන්තාවක් ගුවන් හමුදා කදවුරට ගෙනෙන ලද ආගන්තුක අද්භූත මල සිරුරු ගැන කරන ලද සදහන නිසා ඇයව බ්‍රිතාන්‍යට මාරු කර ඇති අතර පසුව ඇය රහසේම අතුරුදන් කර ඇත.
කෙසේ වෙතත් කාලයක් රොස්වෙල් සිද්ධිය රහසක් ලෙසින් තබා ගත්තද ඒ පිලිබද එසින් දුටු සාක්ෂි නිසා ප්‍රසිද්ධියට අත් විමත් සමග අද වන් විට මෙම ප්‍රදේශ සංචාරකයන්ගේ ආකර්ෂණයට මහත් සේ ලක්ව ඇත.මේ ගැන අදහස් ඉදිරිපත් කරන චාල්ස් ෆෝගස් සදහන් කරන්නේ තමා ඒ අවස්ථාවේ එතනට ගිය විට  අඩි 100 පමණ වු පොතක් සහ කිසියම් පිරිසක් යානයකින් කඩා වැටුනුනු බවත් හමුදා භටයින් විසින් එම පිරිස ඉවත් කල බවත්ය. එදා ඔහු එම ස්ථානයට ගියේ තම හමුදා ප්‍රධානී හෙරිප් ජෙස් ස්ලෝටර් සමග බවත් ඒ වන විටත් හමුදා භටයන් 300-400 ක් පමණ පිරිස එම ස්ථානයේ සිටි බවත්ය. ඔහු ඇසින් දුටු සිද්ධිය ගැන කරන සදහන මෙසේය.


අඩි 5 පමණ උස සිරුරක් ඇති අමුතු සත්වයෙක් ඇදගෙන ගිය අතර ඔහුගේ දෙපා මිනිස් දෙපා වලට සමාන අතර හම දුඹුරැ පාටක් බවය. මුල් දවසේ ඔවුන් ප්‍රකාශකලේ පිටසක්වල යානයක් කඩා වැටුනු බවයි. එහෙත් දෙවැනි දවසේ එය වෙනස් කරමින් කියා සිටියේ ඇමරිකානු රජකීය හමුදාව විසින් පියාඹන පිරිසියක් අල්ලා ගත් බවයි. න්‍යෂ්ටික පරික්ෂණ වෙනුවෙන් යවන ලද බැලුමක් බවට කතාව වෙනස් කරනු ලැබු බව චාල්ස් ෆෝගස් විසින් සදහන් කර සිටි.
මේ වාර්ථාව මිට කලින් ද මීරර් පුවත්පත මගින් ප්‍රසිද්ධ වු අතර අයිරිනා මැකොමන්ට් විසින් එය පාදක් කරගෙන ( UFOs ToDAY-70 Years of Lies, Misinformation and Government cover-UP ) ග්‍රන්ථය රචනා කරන ලදී. බ්‍රිතාන්‍යයේ හදුනා නොගත් ආකශ වස්තු පර්යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ පිලිප් මැන්ටල් විසින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ග්‍රන්ථයට අමතරවා ගුවන් හමුදා ජෙනරාල් රොජ්ර් රුමේ විසින් රොස්වෙල් සුන්බුන් පරික්ෂා කරන අන්දම ඇතුලත් ඡායාරූපයක් මගින්ද මෙම සිද්ධිය සනාථ වෙන බව ඔහු විසින් පෙන්වා දී ඇත.
ඩේවිඩ් රැඩියක් විසින් නවීන තාක්ෂණය යොදා ගෙන එහි අඩංගු දේ විශාල කර බැලු විට පෙනී ගියේ එහි තැටියක් පිලිබද තොරතුරු සහ අනතුර ගැනත් සදහන් බවයි.
ඕපන් මයින්ඩ්ස් රේඩියෝ වැඩසටහනෙහි ඇලියන්දෝ රොජස් නැමත් නිවේදකයා විසින් එක්ස්ප්‍රස් අන්තර්ජාල පුවත් සේවාවට අදහස් දක්වමින් කියා සිටින්නේ දැන් ඉතින් රොස්වෙල් සිද්ධිය ඇමරිකාවට වසං කිරිමට නොහැකි බවයි.
ඉතින් මොකද හිතන්නේ එරියා 51 ගැන පහලින් comment කරන්න.මම හිතනවා POST එක ඔයාලා ගොඩක් රසවින්දනය කරන්න ඇති කියලා. ඔයාලගේ යාළුවොත් එරියා 51 ගැන හොයනවද එහෙනම් යාළුවන්ටත් බලන්න SHARE කරන්න. එහෙනම් මේ වගේ තවත් අළුත් POST  එකකින් එන්නම්.
ඔයලා හැමෝටම ජය වේවා!


අපි SL SMART PEOPLES   
  

Comments

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation