Malware Software (අනිෂ්ට මෘදුකාංග)


Malware Software (අනිෂ්ට මෘදුකාංග)



ඔන්න මේ අවුරුද්දේ දාන අන්තිම Post එක තමයි මේ. ඉතින් මේ බලන්නා වු 2020 වර්ෂය ඔයලා හැමෝටම සමය, සතුට පිරි සුභ නව වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.


කොහොමද කට්ටිය හැමෝටම. හිතනවා හැමෝම හොදින් ඇති කියලා.  මම ලහිරු. ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට. අද මම ගෙනාව අනිෂ්ට මෘදුකාංග (malware software) ගැන. අද වන විට මෙම අනිෂ්ට මෘදුකාංග නිසා ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. අනිෂ්ට මෘදුකාංග කියන්නේ මොනවාද? මේ මෘදුකාංග ක්‍රියා කරන්නෙ කොහොමද? මෙම මෘදුකාංග නිසා අපේ මෙහෙයුම් පද්ධතියට වන බලපෑම මොනවගේද? මැල්වෙයා ඇප්ස් වලින් වන බලපෑම නැති කරගන්නේ කොහොමද? කියලා අද අපි මේ Post එකෙන් කතා කරමු.



මුලින්ම අපි බලමු අනිෂ්ට(malware)මෘදුකාංග කියන්නේ මොනවද කියලා





අන්නිෂ්ට මෘදුකාංග කියන්නේ පද්ධතිවලට හානිකර ඕනෑම අනිෂ්ට වැඩසටහනක් හෝ කේතයක් විස්තර කරන කූඩා පදයක.
සතුරු ආක්‍රමනශීලී හා හිතාමතා නපුරු, අනිෂ්ට මෘදුකාංග පරිඝණ,පරිඝණක පද්ධති ජාල,ටැබ්ලට් සහ ජංගම උපාංග ආක්‍රමනය කිරීමට,හානි කිරීමට හෝ අක්‍රීය කීරීමට උත්සාහ කරයි.බොහෝවිට උපාංගයක මෙහෙයුම් පාලනය කිරීම මගින් මිනිස් උණ මෙන් සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බධා කරයි.


මොනවද මේ අනිෂ්ට මෘදුකාංග වලින් කරන්නෙ?




අනිෂ්ට මෘදුකාංග කරන්නෙ නීති වීරෝධී ලෙස ඔබෙන් මුදල් ඉපැයිමයි. අනිෂ්ට මෘදුකාංගවලට පද්ධතිවල හෝ ජාල උපකරනවල භෞතික දෘඩාංගවලට හානි කරන්න බැ හැබැයි. එයට ඔබේ දත්ත සොරකම් කිරීමට, සාංකේතනය කිරීමට හෝ මකා දැමීමට, මූලික පරිඝණක ක්‍රියාකාරකම් වෙනස් කිරීමට හෝ පැහැර ගැනීමට සහ ඔබේ පරිගණක ක්‍රියාකරකම් පිලිබද ඔත්තු බැලීමට හැකියාවක් තියෙනවා.
ගූගල් ප්ලේ ස්ටෝ (Google Playstore) වෙබ් සේවයෙන් ලාබගන්නට තිබෙන Android App අතර ඉතා නරක මැල්වෙයා සහිත ඇප්ස් බොහෝ තියෙනවා. මේ නිසා Android උපාංග දරුණු අනාරක්ෂිත තැනකට වැටී ඇතැයි පරිගණක ආරක්ෂාව පිලිබද ඊසෙට් සමාගමෙ පර්යේෂකයන් වෙත ලුකාස් ස්ටේෆැන්කෝ නැමැත්තා පසු ගියදා විශේෂ වාර්තාවක් පලකරමින් පෙන්වා දුන්නා. එයට අනුව පසුගිය 2019 සැප්තැම්බර් මාසයේ පමණක් Google Playstore තිබී සොයාගත් මැල්වෙයා සහිත App ගනණ 172 කි. එය පොඩි ගනණක් වුවත් එහි ප්‍රතිඵලය දරුණුය. මිලියන 335 වාරයක් හෙවත් තිස් තුන් කෝටි පනස් ලක්ශයක් මෙම ඇප්ස් Download කරගෙන ඇතියෙන නිසා.
මැල්වෙයා සහිත මෙම App අතරින් බොහෝමයක් ඒවා ජනප්‍රිය ඇප්ස්ය. එහෙත් ඒ සමගමේ ඇති මැල්වෙයා වැඩසටහන් මගින් එක්කො ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති තොරතුරු සොරා ගනී. නැති නම් මිලෙන් වැඩි දායක්ත්වය වෙත යොමුකර එවා ඇප් එකට සම්බන්ධ කරයි. එවිට ඇප් වෙනුවෙන් ගෙවියයුතු මිල වැඩි වෙයි. එසේ නැත්හොත් නොයෙක් වෙලද දැන්වීම් සගවා එවන ඒවාය. මේ වැඩ කිසිවක් පරිශීලකයාට දැනෙන්නෙ නැත. මෙසේ මිල වැඩි UPDATE රහසින්ම Download කරගන්නේ මුලින් ඉතා අඩු මිලකට ගතහැකි හෙවත් ලාභ App ලෙසයි.
Mobile Phones හෝ වෙනත් අතේ ගෙනයා හැකි Tablets සහ පි.ඩි.එ. වැනි උපාංගවල ක්‍රියාකාරි තත්වයට නරක බලපෑම් කරන පරිගණක වැඩසටහන් මොබයිල් වයිරස් කියා හදුන්වයි. මෙවනි වැඩසටහන් 3කී.



01. වර්ම් (Worm) කියලා හදුන්වන වැඩසටහන් නිරන්තරයෙන් ගුනණය වෙමින් උපාංගයෙන් උපාංගයට පැතිරී යයි. ඒ Text පණිවුඩ, SMS හෝ MMS හරහාය. මෙවැනි වර්ම් වැඩසටහන් තුල මොබයිල් මෙහෙයුම් පද්ධති නොමග යවන තොරතුරු අඩංගුය. එම නිසා මෙවනි වැඩසටහන් ඇතිවිට මොබයිල් උපාංගය කලින් විදියට නියමානුකූලව උපදෙස් පිලිපැද වැඩ කරන්නේ නැහැ.
02. ට්‍රොජන්(Trojan)වැඩසටහන් දුරකතනයට ඇතුලු වන්නේ හානිකර නොවන මාදිලියේ වෙස් ගත් වැඩසටහන් වශයෙනි. වැඩසටහන් ක්‍රියාත්මක කරන විට ට්‍රොජන් වැඩසටහන එලියට ඇවිත් පද්ධතියට හානි කරනවා.
03. ස්පයිවෙයා (Spyware) වර්ගයේ වෑඩසටහන් දත්ත රැස් කරන ඒවාය. මොබයිල් උපකරනයෙන් රැස් කරන දත්ත වෙනත් අයට යවන එක තමයි මේකෙන් කරන්නේ. මේ වර්ගයේ ස්පයිවෙයා වැඩසටහන් ඇතුලත් කරපු App දැන් තියෙනවා කියල තමයි කියන්නේ.

ඔයාලා Download කර ගන්න App වල මේ වර්ගයක මැල්වෙයා තිබුනත් ඔයලා අවධානයෙන් හිටියහොත් ඒවයින් වන හානිය මග හරවා ගන්නට පුලුවන්. Mobile Antivirus වැඩසටහන්වලට මේ මැල්වෙයා සහිත App පහසුවෙන් හදුනා ගැනීමට හැකිවන නිසා සෑම අයෙක්ම නොමිලේ ලබා දෙන Antivirus වැඩසටහනක් හරි නැත්තම් වෙනත් Antivirus වැඩසටහනක් Android උපාංගයට Install ගන්න ඔනි කියලා තමයි කියන්නේ.

Security කම්පැනි ගොඩක්ම කියන්නෙ ඔයාලා දන්නෙ නැති Source වලින් App Download කරගන්න එපා කියලා. තවත් සමහර අය පොඩි පොඩි Links එවනවා, පොඩි පොඩි Web Site වලින්, Group වලින්, Blogs වලින් Links දෙනවා. ඒ ඇප්ස් වල Security තත්ත්වය කොහොමද කියලා අපි දන්නෙ නැහැනේ. ඒ වගෙ පිටින් දෙන Source එකක් දන්නෙ නැතුව දෙන App Download කරගන්න එපා. මේ විදියට Free App දෙන්නෙ නිකන් නෙවෙයි මැල්වෙයා, වයිරස් වගේ මොනවාහරි මේ App වල තියෙන්න පුලුවන්. අපි දන්න හොදම Source එක Google play store එක. නමුත් එකෙත් මැල්වෙයා App සැරිසරනවා. මේ වන විට Google play store එකෙන් මැල්වෙයා App ගොඩක් අයින් කරලා තියෙනවා.


කොහොමද මැල්වෙයා Apps වලින් වන බලපෑම නැති කරගන්නේ?


ඔයාලා Google play store එකෙන් Apps Download කරද්දි ගොඩාක් හොද රෑන්කින් තියෙන, රේටින් App Download කර ගන්න. ඒ වගේම ඇප් වල බලාගන්න පුලුවන් ගූගල් ප්ලේ ප්‍රොටෙක් (Google play protect) එකෙන්. මේක Google සමාගමෙන් දෙන එකක්. එකෙන් කියවෙනවා ඇප් එක ගොඩාක් ආරක්ෂිතව නිර්මානය කරලා තියෙනවා කියලා.
තව Google play store එකෙන් app එකක් Install කරද්දි Permission list එකක් ඉල්ලනවා. මේකට කෙලින්ම Accept දුන්න ගමන් Download වෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මේ ඉල්ලන Permission මොනවද කියාලා අපි බලන්නෙ නෑ. කැමරා (Camera), මිඩීයා (Media), කන්ටැක්ස් (Contacts) ඉල්ලනවා වෙන්න පුලුවන්. මේවට අපි Permission දුන්නම මේ app එකට පුලුවන් ඔයාලගේ Camera එකට, Gallery, Contacts වගෙ දෙවල් ගන්න හැකියාව ලබා දෙනවා. ඒ නිසා ගොඩාක් විශ්වාසවන්ත ඇප් එකකට ඇරෙන්න ඒ ඉල්ලන හැම Permission එකකටම Accept දෙන්න එපා.
Samsung Android උපාංග පවිච්චිකරන අය දන්නවා Samsung App Store එකක් දීලා තියෙනවා. ඒවගෙන් App Download කරගන්න එක ගොඩාක්ම හොදයි. මොකද ඒ කම්පැනි ලොකු වගකීමකින් තමයි Apps Download කරගන්න දෙන්නෙ.
ඊලගට ඔයාලගේ Phone එකට එන Update, Software Update මගහරින්නෙ නැතුව කරන්න. මොකද Update කරන්න කරන්න Android Version එක වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාලගෙ මෙහෙයුම් පද්ධතියයේ Security Level ද ටික ටික වැඩි වෙනවා. ඒ නිසා ඔයාලගෙ Phone එක හැමවෙලේම Updates එකේ තියාගන්න.
ඔයාලගෙ Android උපාංගයට හොද තත්වයේ Virus Garde එකක් පාවිච්චි  කරන්න .එතකොට ඔයාලට දැනගන්න  පුලුවන් මැල්වෙයා ඔයාලගෙ උපාංගයට ඇතුලු වෙලාද කියන එක. දැන් අලුතින් එන ගොඩාක් උපාංගවලට Device Manage එකක් එනවා. එකේ ගොඩාක් වෙලාවට Security option එකක් දෙනවා. සරලවම කිව්වොත් Antivirus Software එකක් මේකෙ තියෙනවා. දැනට ඒක ප්‍රමානවත්. තව මීට එහා ගියාම Google play store එකෙන් දෙනවා අවාස්ට් (Avast), කැස් ප්ර් කී (Kas per key), AVG වගෙ හොද Antivirus ඔයාලගෙ Android උපාංගයට Install කරගන්න එකෙන් මෙම මැල්වෙයා අතුලු වෙන එක නවත්තන්න පුලුවන් වගේම දැනටම ඇතුල් වෙලා තියේනවනම් අදුරගන්න පුලුවන්.
ඔයාලගෙ Android උපාංගයට දැනටමත් මැල්වෙයා අතුල් වෙලා නම් ඔයලට ඕනකරන දත්ත වල බැකප් එකක් තියාගෙන උපාංගය රීසෙට් (Factory Reset) කරන්න.

ඉතිං ඔන්න ඔය ටික තමයි මැල්වෙයා ගැන කියන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට මේ Post එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොනවද මැල්වෙයා ගැන හිතන්නේ පහලින් Comments කරන්න. Post එක වටිනවා කියල හිතෙනවා නම් යාළුවෙක්ටත් බලන්න Shere කරන්න. ඉතින් අපේ එකත් එක්ක දිගටම රැදිලා ඉන්න ආරාධනා කරන ගමන්, මේ වගේම තවත් අලුත් Post එකකින් ලබන අවුරුද්දේ එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා!

අපි SL SMART PEOPLES.

Comments

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation