SHERLOCK HOLMES -ෂර්ලොක් හෝම්ස්-


  SHERLOCK HOLMES
-ෂර්ලොක් හෝම්ස්-


කොහොමද කට්ටිය හැමෝට, මම පිනියා.ඔයාලා සාධරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට. ඔන්න මම අදත් අරන් අවා අලුත් Post එකක්. අද Post එක ටිකක් විශේෂ එකක් මොකද අද කියන්න යන්නේ ගොඩක් පොත් කියවන අය අතර බොහෝම ජනප්‍රිය චරිතයක් ඒ තමයි ෂර්ලොක් හෝම්ස් ගැන. නම කියපු ගමන්ම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්න ඇති. හරි ගොඩක් දේවල්  කියන්න තියෙනවා එක නිසා අපි Post එකෙන් වැඩි දුර තොරතුරු කතා කරමු.



ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) නම අහපු කෙනෙක් නැතුව ඇති.තමන් සතුව තිබුන බුද්ධිය, පළපුරුදධ හා ඉවසීම භාවිතා කරමින් විශාල අපරාධ රාශියක සුල නුල සොයාගත් මේ රහස් පරීක්ෂකයාගේ එක වික්‍රමාන්විත පරීක්ෂනයක් වත් නොකියවු කෙනෙක් ඇතැයි සිතීම පවා බැරි තරම්ය. ඒ තරමට ඔහු අපේ ජීවිතයේ වීර චරිතයක් වී ඇත.



 ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු සැබෑවටම සිටි අයෙක්ද?

ඔහු වාසය කල බේකර් වීදියේ 221/B නිවසට අදටත් ඔහුගේ නමට පැමිණේන ලිපි රාශියකි. ඉන් කිහිපයක් ඔහුගේ හැකියාවන් අගය කර එන ලිපි වන අතර තවත් සමහරක් ඔහු ලවා තමන්ගේ ගැටලු විසදා ගැනීමට ඉල්ලමින් එන ලිපි කිවුවොත් ඔබ විශ්වාස කරනවාද? මීට වසර 80කට පමන මියගිය අයෙක් කොහොමද දැන් ජීවත් වන ඔබේ ගැටලු විසදන්නේ? ෂර්ලොක් හෝම්ස් චරිතය ඒ තරමටම මිනිසුන් අතර අදටත් ජීවමාන වූවකි. දැන් අපි බලමු සැබැවින්ම මේ ෂර්ලොක් හෝම්ස් යනු කවුද නැතහොත් මේ ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය වුයේ කෙසේද කියා.
ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු එංගලන්තයේ විසු කීර්තිමත් ලේඛයෙකු වු සර් ආතර් කොනන් ඩොයිල් ( Arthur Conan Doyle) විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත චරිතයකි. දැන් අපි බලමු කවුද මේ සර් ආතර් කොනන් ඩොයිල් කියන්නේ කියලා.
සර් ආතර් කොනන් ඩොයිල් 1859 මාර්තු 22වන දින ස්කොට්ලන්තයේ එඩිංබරෝ හි (Edinburgh) උපත ලැබීය. ඔහු එඩිංබරෝ සරසවියේ (The University of Edinburgh) වෛද්‍ය විද්‍යාව ඉගන ගත් අතර පසුව වෛද්‍යවරයෙකු ලෙස සේවයට බැදුනී. ඔහු එතරම් කීර්තිමත් වෛද්‍යවරයෙක් බවට කිසිම දිනක පත් වුයේ නැත.
 ෂර්ලොක් හෝම්ස් චරිතය බිහීවීම සදහා සධක වුන ප්‍රධාන චරිත යුගලම සර් ආතර් කොනන් ඩොයිල්ට හමුවන්නේ ඔහු වෛද්‍ය විද්‍යාව හදාරන අවදියේ එඩිංබරෝ සරසවියේදිය. එහි ප්‍රමුඛයා වන්නේ සරසවියේ කා අතරත් ප්‍රියමනාප නමුත් අහංකාර, විනෝදයට බර තරුණ ආචාර්‍යවරයෙක් වු ජෝසෙප් බෙල් (Joseph Bell) මහතාය. ක්ෂණිකව දකින් දේ නිරීක්ෂණය කර බොහෝම නිවැරදි ලෙස උපකල්පනයන් ගෙන ඒමට ඔහුට තිබුනේ පුදුම හැකියාවකි. ජෝසෙප් බෙල් ඔහු හමුවීමට එන රෝගින්ට වෛද්‍ය සිසුන්ට ඔවුන් සමග කතා කිරීමටත් පෙර බාහිර නිරීක්ෂණ මගින් ඔවුන්ට ඇති ප්‍රශ්නයන් නිවැරදිව කියන අතර එයින් සැවොම විශ්මයට පත් කරවයි.
ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය වීමට පරමාදර්ශී වු එකම චරිතය ජොසෙප් බෙල් නොවේ. තවත් එක් ප්‍රධාන චරිතයක් ඒ සදහා පාර කැපුවේය. නමින් ඔහු හෙන්රි ලිට්ල් ජෝන්ය (Henry Little John). හෙන්රි ලිට්ල් ජෝන් යනු එඩිංබරෝ හි සිටි දක්ෂ ව්‍යවහාරික වෛද්‍යවරයකි. ඔහු කාය විච්ඡේදකයෙක් මෙන්ම සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි.  ෂර්ලොක් හෝම්ස්ගේ අධිකරණ වෛද්‍ය හැකියාවන්ට පදක වී ඇත්තේ හෙන්ර් ලිට්ල් ජෝන්ගේ හැකියාවන්‍ය. එකල එඩිංබරෝහි සිදු වු හදිසි මරණ,ඝාතන අවස්ථා වලදි හෙන්රි ලිට්ල් ජෝන්ගේ හැකියාවන් කැපී පෙනුන අතර ඔහු ඇගිලි සලකුණු අපරාධකරුවන් සොයාගැනීමේ පරපුරේ පුරෝගාමියෙකි.  
ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යන නාමයෙහි Holmes යන කොටස ලබාගෙන ඇත්තේ, ඩොයිල්ගේ මිතුරු වෛද්‍යවරයෙකු වු ඔලිවර් වෙන්ඩල් හෝම්ස්ගේ (Oliver Wendell Holmes) නම ඇසුරිනි. ඩොයිල්ගේ ප්‍රියතම සංගීතවරයා ඇල්ෆරඩ් ෂර්ලොක්ගේ (Alfred Sherlock) නම ඇසුරෙන් Sherlock යන කොටස ලබා ගෙන ඇත. මේ නම් දෙකෙහි එකතුවෙන් ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යන නම නිර්මාණය විය.
වාර්ථා වී ඇති ආකරයට ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) උපත ලබා ඇත්තේ 1854 වර්ෂයේදීය. ඔහු වෘත්තියෙන් පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් වන අතර ඒ හැර ඔහු රසායනික විද්‍යාව, බොක්සින් ක්‍රීඩාව, උද්‍යාන පාලනය, සංගීතය හා රිවෝවර හැසිරවීම ආදි ඔහුගේ සෙසු වෘත්තීන් වේ. සර් ආතර් කොනන් ඩොයිල් විසින් මුල් වරට රචන ලද ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණය වන්නේ A Study In Scarlet හෙවත් සිංහල පරිවර්තනයෙන් ලෝහිත පරීක්ෂණය යන්නයි. මෙය 1887 දී රචනා වු අතර පසුව The Sign of Four (සිව් රහස් සලකුණ ) දෙවන කතාව ලෙස රචනා විය.
මේ දෙකම නව කතාමය ස්වරූපයක් ගත් ඉතා දිගු පරීක්ෂණ වන අතර   ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) චරිතය ගැන කා අතරත් අවධානයට ලක් වුයේ 1891 වසරේ ඩොයිල් විසින් The Strand Magazine වෙත ලියන ලද කෙටි පරීක්ෂණ කතා සමගය. ඩොයිල් විසින් නිර්මානය කරන ලද ෂර්ලොක් හෝම්ස්ගේ කතා 60කි. දිගු කතා 4 හා කෙටි කතා 56ක් ලෙස මේවා වර්ග වී ඇත. ඔබත් මමත් මීට වඩා බොහෝ ෂර්ලොක් හෝම්ස් කතා ප්‍රමාණයක් කියවා ඇති බව නොඅනුමානයි. නමුත් ඒ කතා ඩොයිල්ගේ රචනා ශෛලිය ඇති වෙනත් කතුවරුන් විසින් පසුකාලිනව රචනා කරන ලද කතා වේ. ෂර්ලොක් හෝම්ස් චරිතය ගත්තොත් ඔහුගේ ජීවිතමය මොලය වෙහෙසවීමයි. ඔහුගේ රැකියාව, විනෝදාංශය මේ සියල්ලම එයයි. අපරාධ පරීක්ෂනයන් නති විට රසායනික පරීක්ෂණය වලට කාලය ගත කරන්නේ ඔහු ඒ නිසාය. සම්භාව්‍ය සංගීතයට ප්‍රියකරන හෝම්ස් දක්ෂ වයලීන් වාදකයෙකු බවද සදහන් වේ. හෝම්ස්ගේ මව් පියන් ගැන කිසිදු සදහනක් නොවන අතර ඔහුගේ එකම නැදෑයා ලෙස සිටින්නේ රජයේ උසස් රහසිගත් රැකියාවක් කරන ඔහුගේ වැඩිමල් සොයුරු මයික්‍රො හොම්ස් (Mycroft Holmes) නිතරම තනිකඩ ජීවිතයකට ප්‍රිය කරන හොම්ස් කාන්තාවක් ඇගයුයේ හෝ නම් ඒ කලතුරකිනි. නමුත් ඔහුගේ ගෞරවය නිතරම හිමි කාන්තාවක් වී නම් ඒ සිටු පවුලක බුද්ධිමත් තරුණියක් වු අයිරින් ඇඩ්ලර්වයි (Irene Alder). ඇයට පසුව සිව් රහස් සලකුණ පරීක්ෂණයේදී ක්‍රියාකල නිර්භීත ආකරය නිසා වොට්සන්ගේ බිරිද මේරි මොස්ටන් (Mery Morstan) හටද විශාල ගෞරවයක් හිමිවී තිබුනි.
ෂර්ලොක් හෝම්ස්ගෙ සමීපතමයා වන්නේ දොස්තර ජෝන් වොට්සන්‍ය. හෝම්ස්ගේ එකම මිතුරා පමනක් නොව එකම සහකරු වන්නේද ඔහුය. වොට්සන් ( Doctor Watson) යනු මුල්ම බ්‍රිතාන්‍ය හමුදාව යටතේ ඉන්දියාවේ සේවය කල වෛද්‍යවරයෙකු වන අතර පසුව එයින් විශ්‍රාම ගෙන, පෞද්ගලිකව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ගමන් හෝම්ස්ගේ රහස් පරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වුවෙකි. රහස් පරික්ෂක වෘත්තිය තුල ඔහුද හොම්ස්ගේ සමහර ක්‍රම අනුගමනය තුලින් දක්ෂයෙක් වුවත් හෝම්ස්ගේ අහලකටවත් පැමිණිමට ඔහුට නොහැකි විය. සමහරුන්ගේ මානය නම් ඩොයිල් වොට්සන් ලෙසින් නිරුපණය කරන්නේ තමාවම බවයි. එයට හේතුව මොවුන් දෙදෙනා තුල බොහෝ සමාන කම ගැබ්වී තිබීමයි. හෝම්ස් විසින් සිදු කරන පරීක්ෂණ පාඨකයා වෙත ඉදිරිපත් කරන්නේ වොට්සන් විසිනී. ෂර්ලොක් හෝම්ස්ගේ මුල්ම පොත ලියවෙන්නේ 1887 වුවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ පවා 1872 පමන හෝම්ස් විසින් නිරත වු යම් යම් පරීක්ෂණයන් ගැන සදහන් වී ඇත. 1893 දී ලියවෙන අවසන් ගැටලුව කතාවේදී මහාචාර්‍ය මොරියාටි (Professor Moriarty) සමග කරන ලැබූ පොරබැදීමේදි දෙදෙනාම රෂින්බාක් දිය ඇල්ලෙන් (Reichenbach falls) පහතට වටි මියගිය බවක් සදහන් වේ. නමුත් ඔහු වසර 3කට පමණ පසු නැවත දිවී බේරාගෙන වොට්සන් හමුවීමට පැමිණියේය. ඒ වන විට වොට්සන්ගේ බිරිදද මියගොස් සිටියේය. හෝම්ස් නිරත වු අවසන් පරීක්ෂණය නම් His Last Bow හෙවත් ඔබෙන් සමු ගනිමි 1917 දී ලියවුනි. නමුත් එයින් පසුව හෝම්ස් 1927 දී පවා යම් පරීක්ෂණයකට දායක වු බව වාර්ථා වී ඇත. 1927න් පසුව ඔහු ගැන තොරතුරක් සදහන් වන්නෙ නැත. ඉන්පසු ඔහු ජීවත් වුනේ කොහේද, මියගියේ කවදාද, කොහොද කිසිවක් සදහන් වන්නේ නැත. ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) යනු අදටත් අප අතර ඇති අමරනීය චරිතයකි.


ඔන්න ඔය විදියට තමයි ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) ගැන සදහන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයලා නොදන්න කරුනු බොහෝමයක් දැන ගන්න ඇති කියලා. මොකද හිතන්නේ අද Post එක ගැන පහලින්Comment කරන්න. ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) ගැන හොයන, හෝම්ස්ට ගොඩක් කැමති යාලුවෙක්ටත් බලන්න Share කරන්න. අදට මම ගිහින් එන්නම්. මේ වගේ තවත් අලුත් Post එකකින් එන්නම්. ඔයලා හැමෝටම ජය වේවා!

අපි SL SMART PEOPLES  



Comments

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation