Automobile Prictical
මූලික ස්වංචලිත තාක්ෂණවේදයේ ප්‍රායෝගික ක්‍රියාකරකම්
කොහොමද කට්ටිය හැමෝටම ඔයාලා සාධරයෙන්
පිලිගන්නවා
slsmartpeoples.Blogspot එකට.
අද
අපි කතා කරන්න යන්නේ තාක්ෂණවේදය හදාරන ඔයාලට තියෙන්න සියලුම AUTOMOBILE ප්‍රායෝගික
ක්‍රියාකරකම් ගැන.
හොදයි
අපි මුලින්ම බලමු ජ්වලන පද්ධතියේ ඇති වන දෝෂ සකස් කර ගන්නා ආකාරය.
ජ්වලන පද්ධතියේ දෝශ නිවරදි කිරීම.
පුලිගු
පේනුව
ජ්වලන
දගරය මගින් ලබාගන්නා අධිවෝල්ටියතාවෙන් විදුලි පුලිගුවක් නිකුත් කරනුයේ මෙම පුලිගු පෙනුව
මගින් සිදු වේ. මෙම පුලිගු පේනු පරතරය නියමිත පරිදි පවත්වා ගත යුතුය. එමගින් දහනයට
අවශ්‍ය ප්‍රමාණයට පුලිගුවක් ලබා ගැනීමට හැකි වේ. පේනු පරතරය පරික්ෂා කරනු ලබන්නේ ස්පර්ශක
ආමානය මගින් වන අතර සාමාන්‍යයෙන් මම පේනු පරතරයේ අගය 0.5mm – 1.1mm වේ.
අපි දැන් බලමු පුලිගු පේනුවක ඇතිවන සරල දෝශ මොනවද
කියලා.
·
පේනු අතර පරතරය වෙනස් වීම.
· පුලිගු
පේනුවේ කාබන් බැදීම.
· පේනුවක්රියා
නොකිරීම.
· ස්පර්ශක
විස්පර්ශක තුඩු අතර පරතරය වෙනස් වීම.
· විස්පර්ශක
තුඩුවල දොශ ඇති වීම.
· ධාරිත්රකයෙහි
දෝශ ඇති වීම.
දැන් අපි පුලිගු පේනුවක පිරිසිදු කරලා අග්‍ර
අතර පරතරය නියමිත ප්‍රමනයට සකස ගමු.
මේ
ක්‍රියාකරකම සදහා අපිට උවමනා වෙනවා ස්පශක ආමනයක්, පුලිගු පෙනුවක්, මිටියක්, ස්කුරුප්පු
නියනක්.
§ මුලින්ම
ගලවන ලද පුලිගු පේනුවක වර්ණය නිරීක්ෂනය කර නව පේනුවක් සමග සසදන්න.
§ පිත්තල
කෙදි බුරුසුවෙන් මැදීමෙන් පසු පෙට්රල්වලින් සෝදා පුලිගු පේනුව පිරිසිදු කර ගන්න.
§ ඉලෙක්ට්‍රෝඩ
පරතරය ස්පර්ශක ආමනය තියලා පරීක්ශා කර පරතරය වැඩි නම් මිටිය අරගෙන කිහිප වරක් තට්ටු
කිරීම මගින් අඩු කර ගන්න පුලුවන්. තට්ටු කිරීමෙදී පරතරය ගොඩක් අඩු වෙන්නත් හොද නෑ.
එම උනොත් ඉස්කුරුප්පු නියන භවිතයෙන් ඉහලට චුට්ටක් එසවීමෙන් නැවතත් පරතරය අවශ්‍ය ප්‍රමානයට
වැඩි කරගන්න පුලුවන්.
නිශ්පාදක
පිරිවිතරට හා උපදෙස් වලට අනුව අපි දැන් පුලිගු
පේනුවක පරතරය සකස් කරගෙන අවසන්.
ඩිස්ට්‍රිබියුටරය
ජ්වලන
දගරය මගින් නිකුත් කරන අධිවොල්ටීයතව දහන අනුපිලිවලට බෙදාහැරීම සිදුකරනු ලබන්නේ මෙම
බෙදාහරිනය මගිනි.බෙදාහරිනයේ ඇති බ්රමකය අධිවොල්ටියතව ලබා එක් එක් ස්ථාන වල ස්පර්ශ
වෙමින් බෙදාහැරිsම සිදු කරයි.
මේවයේ
ස්පර්ශක් විස්පර්ශක තුඩු අතර පරතරය නියමිත ප්‍රමානයට පවත්වා ගත යුතුය. සාමාන්‍යයෙන්
එය 0.6mm – 1mm අතර ප්‍රමානයක් වේ.
අපි දැන් බලමු ඩිස්ට්රිබියුටරයක
ස්පර්ශක තුඩු අතර පරතරය වෙනස් වු විට එය නැවත
නියමිත ප්‍රමානයට සකස් කරගන්නා ආකාරය.
§
මුලින්ම බෙදාහරිනයේ පියන ගලවා ඉවත් කර ගන්න.
§
බෙදාහරිනයේ ඊශාවට සම්බන්ධ බ්රමකය ගලවා ඉවත්
කරන්න.
§
බෙදාහරිනයේ විස්පර්ශක තුඩු සහිත ප්‍රදෙශය පෙට්‍රල්
ආදාරයෙන් පිරිසිදු කර ගන්න.
§
බෙදාහරිනයේ ඊශාව කරකවා විස්පර්ශක තුඩු උපරිමයක්
විවෘත වන ස්ථානය ලබාගන්න.
§
පැතලි මට්ටම් පීරක්/ඇමරි කඩදාසි කැබැල්ලක් ආධාරයෙන්
විස්පර්ශක තුඩු මට්ටම් කර ගන්න.
§
පැතලි ස්කුරුප්පු නියන ආධරයෙන් සචල තුඩ සම්බන්ධ
ඇණය බුරුල් කරන්න.
§
නිෂ්පාදක පිරිවිතර හා උපදෙස් වලට අනුව ස්පර්ශක
ආමනය හා පැතලි නියන ආධාර කරගෙන ස්පර්ශක තුඩු අතර පරතරය සකසන්න.
§
ගලවන ලද බ්රමකය සවිකරන්න.
§
බෙදාහරිනයේ බද දඩු අඩුවෙන් ගලවා ඉවත් කර ගන්න.
§
බෙදාහරිනයේ පියන බදට සවි කර ගන්න.
දැන්
අපි නියමිත ප්‍රමානයට අනුව විස්පර්ශක තුඩු අතර පරතරය සකසාගෙන අවසන්.
එන්ජිම
දැන්
අපි කරන්න යන්නෙ එන්ජිමකින් පුලිගු පේනු ගලවා ඉවත් කර පිරිසිදු කර නැවත එන්ජිමට සවි
කර අධිවොල්ටියතා යොත් නිවරදි දහන අනුපිලිවලට එන්ජිමට සවි කරන ආකරය.
§ මුලින්ම
අපි අධිවොල්ටියතා යොත් එන්ජිමෙන් ගලවා ඉවත් කර ගන්නවා.
§ ඉන්පසුව
බොක්ස්පැනර් කැල්ල භාවිතයෙන් එන්ජිමෙන් පුලිගු පේනු ගලවා ඉවත් අර ගන්නවා.
§ පුලිගු
පේනු පෙට්‍රල් අධාරයෙන් පිරිසිදු කර ගන්නවා.
§ පිරිසිදු
කර ගත් පුලිගු පෙනු නැවතත් ඒ ආකරයටම එන්ජිමට පුලිගු පේනු සවිකර ගන්නවා.
§ දැන්
අපි එන්ජිමේ දහන අනුපිලිවලට ඒ කියන්නේ 1,3,4,2 පිලිවෙලට අධිවොල්ටියතා යොත් සවි කරගන්න
ඕන.
§ පලමු
අධිවොල්ටියතා යොත පලමු සිලින්ඩරයටද, දෙවනි අධිවොල්ටියතා යොත තුන්වෙනි සිලින්ඩරයටද,ට්
තුන්වෙනි අධිවොල්ටියතා යොත හතර්වෙනි සිලින්ඩරයටද, හතරවෙනි අධිවොල්ටියතා යොත දෙවනි සිලින්ඩරයටද
පිලිවෙලට සවි කර ගන්නවා.
ඉතින් මේ ආකරයට තමයි එන්ජිමකින් පුලිගු
පේනු ගලවා පිරිසිදු කර නැවත එන්ජිමට සවි කර අධිවොල්ටියතා යොත් සවි කර ගන්නෙ.
ඊළඟට
අපි එන්ජිමේ පංකා පටිය නිවරදි ආතතියට සීරුමාරු කරගන්න ඕන.
එන්ජිමෙ දගර කද ජල පොම්පය සහ ප්‍රත්‍යාවර්තකය
සම්බන්ද කෙරෙනුයේ එන්ජිමේ දගර කදට සම්බන්ධ පරිමන්දන කප්පිය වටා දිවෙන පංකා පටියකිනි.
මෙම පටිය නිවරදි ආතතියට නොතිබීම සිසිලන
කාර්යක්ෂමතාව අඩු වීමට හා බැටරිය ආරොපණය නිසි පරිදි sසිදු නොවීමට හේතු වේ.නිසි ආතතියක්
සහිත කප්පි පද්ධතියක, කප්පි දෙකක් අතර මැදින් පටිය තද කල විට පටිය තල්ලු වී යා හැකි
නිදහස් දුර සාමාන්‍යයෙන් 6mm – 10mm අතරය.
දැන් අපි පංකා පටිය නිවරදි ආතතියට සීරු
මාරු කර ගමු.
§ පංකා
පටිය නිදහස් චලිත දුර නිෂ්පාදක පිරිවිතරට අනුකූලදැයි පරීක්ෂා කරන්න.
§ පංකා
පටිය බුරුල් වී ඇත්නම් පංකා පටියේ ආතතිය සැකසීම සදහා ප්‍රත්‍යාවර්තකයේ සීරු මාරු මුරිච්චිය
බුරුල් කරන්න.
§ ලීවරයක් භාවිතයෙන්
පටියේ ආතතිය ප්රශස්ත වන ලෙස පටිය තද
වන දිශාවට ලීවරය ක්‍රියාත්මක කර බුරුල් කරන ලද ප්‍රත්‍යාවර්තකයේ සීරු මාරු ඇණ සිර කරන්න.
§ දැන්
පංකා පටිය මධ්‍යය ඇගිල්ලෙන් තද කර පංකා පටියේ නිදහස් චලිත දුර
නිෂ්පාදක පිරිවිතරට අනුකූලදැයි නැවතත් වානේ කොදුව මගින් පරික්ෂා කර තහවුරු කර ගන්න.
§ නිදහස්
චලිත දුර (පංකා පටියේ ආතතිය) සැකසුණු පසු ප්‍රත්‍යාවර්තකයේ සීරු මාරු මුරිච්චිය හොදින්
තද කර ගන්න.
අපි
දැන් පංකා පටිය නිවරදි ආතතියට සීරූමරූ කරගෙන අවසන්.
ටෝක්
රින්ච්
Work
Shop එකේදී අපි ටෝක් රින්ච් එක යොදාගන්නේ උපකරන වල ඇණ සියල්ලම එකම ව්යාවර්තයකට තද
කිරීමට.විවිධ ව්‍යාවර්ත ප්රමාණයන්ට අපිට මේක වෙනස් කරගන්න පුලුවන්. ටෝක් රින්ච් එකේ දන්ඩේ කරකවන කොටස කරකැවීමෙන්
අපිට අවශ්‍ය ප්‍රමානයට මේක හදාගන්න පුලුවන්.මෙහි තියෙන විශේෂතවය තමයි අපි සකස් කරගත් ව්‍යාවර්තය ඇණ තද උනානම ටික් ටික් ශබ්දයක්
නැගෙනවා.
පිෂ්ටනය
එන්ජිමේ
දහනයෙන් ලැබෙන තාප ශක්තියෙන් ඇතිවන පීඩනය යාන්ත්‍රික ශක්තියක් බවට පත් කිරීම සදහා යොදාගනු
ලබන උපාංගය පිෂ්ටනය වේ.
අපි
දැන් බලමු පිෂ්ටනයක කොටස් ගලවා නැවත කොටස් එකලස් කරගන්න ආකරය.
අපි
මුලින්ම සබැදුම් දන්ඩ හා පිෂ්ටන හිස වෙන් කරගන්න ඕන. ඒ නිසා පිෂ්ටනය හිස සම්බන්ධ වී
තියෙන පිෂ්ටන ඇණය දෙපැත්තේ තියෙන මුදු අගුල් 2ක ගලවා ඉවත් කර ගන්නවා. මුදු අගුල් ගැලවීමේදී
ඒ මතට ඇගිල්ලක් තියලා ගලවන එක අනිවාර්ය වේ.
ඊලගට මේ පිෂ්ටන කොටස දඩු අඩුවට තබා සිරකර ගන්න
ඕන.දඩු අඩුවට තියලා සිර කර ගන්න විට රෙදි කැබැල්ලක් තියලා සිර කිරීමට වගබලා ගනන ඕන.
මොකද සබැදුම් දන්ඩට හානි විය හැකි නිසා. දැන් පිෂ්ටන ඇණයට රබර් මිටියෙන් තට්ටු කරලා
ගලවනවා.දැන් අපිට සබැදුම් දන්ඩ හා පිෂ්ටන හිස
වෙන් කරගන්න පුලුවන්.
ඊලගට අපි සබැදුම් දන්ඩේ මහ කොන් බෙයාරීම පැත්ත ඉහලට
හරවලා දඩු අඩුවට තියලා සවි කරගන්නවා.බොක්ස් පැනර් කෑල්ල යොදා ගෙන මෙකෙ තියෙන ඇණ ගලවා
ගන්නවා. මහකොන් බෙයාරිමේ තියෙන කට්ට නිවරදිව හිටින සේ තියලා නැවතත් ඇණ දමා තද කර ගන්නවා. දඩු අඩුවෙන්
නැවතත් සබැදුම් දන්ඩ ගලවා කුඩා කොන් බෙයාරිම ඉහලට සිටින සේ තියලා දඩු අඩුවට තියලා සවි
කර ගන්නවා.දැන් පිෂ්ටන හිස තියලා පිෂ්ටන ඇණය දමා සවි කරගන්නවා.දැන් පිෂ්ටනය දඩු අඩුවෙන්
ගලවලා මේසය මත පිෂ්ටනය තියලා පිෂ්ටන් ඇණය දෙපසට මුදු අගුල් දෙක දමා සවි කර ගන්නවා.
පිෂ්ටනයක
කොටස් ගලවා නිවරදි ආකරයට එහි කොටස් එකලස් කරගෙන අවසන්.
ටැන්ඩම්
ප්‍රධාන සිලින්ඩරය
අපි
දැන් බලමු ටැන්ඩම් ප්‍රධාන සිලින්ඩරයක කොටස් එකලස් කරගන්නා ආකරය.
§ ප්‍රධාන
සිලින්ඩරයේ බදට හානි නොවන පරිදි ප්‍රධාන සිලින්ඩරයේ බද දඩු අඩුවට තියලා සවි කර ගන්න්නවා.
§ මෙහි
තියෙන අගුලු මුදු ගලවා ඉවත් කර ගන්නවා.
§ ප්‍රධාන
සිලින්ඩරය දඩු අඩුවෙන් ගලවා ඉවත් කර ගන්න.
§ ටැන්ඩම්
සිලින්ඩරය තුල ඇති කොටස් පහසුවෙන් ඉවත් කිරීමට නොහැකි නම් ප්‍රධාන සිලින්ඩරයේ පසු පස
ප්‍රදෙශ වැඩ බංකුව මත සුලු තට්ටු කිරීමක් සිදු කිරීමෙන් ප්‍රධාන සිලින්ඩරයේ ඇතුලත කොටස්
ඉවත් කර ගන්න.
§ ගලවන
ලද කොටස් භූමි තෙල් වලින් සෝදා ගන්න.
§ භූමි
තෙල් වලින් සෝදාගත් කොටස් ජලයෙන් සෝදා සම්පීඩකයේ ආධාරයෙන් වියලා ගන්න.
§ ප්‍රධාන
සිලින්ඩරයේ ඇතුලත මළකෑම වැලැක්වීමට ඇතුලත රෝධක තරලය අලේප කරන්න.
§ ප්‍රධාන
සිලින්ඩරයේ බදට හානි නොවන සේ දඩු අඩුවට සවිකර ගන්නවා.
§ අලුත්වැඩියා
කට්ටලයද භාවිතා කරමින් රබර්,ග්‍රීස් හෝ රෝධක තරල සියලු ඇතුලත කොටස් වල තවරා කොටස් නීවරදිව
එකලස් කරන්න.
§ මුදු
අගුල අධාරයෙන් ඇතුලත කොටස් අගුලන්න.
අපි
මේ ආකරයට ටැන්ඩම් ප්‍රධාන සිලින්ඩරය කොටස් නිවරදිව එකලස් කරගෙන අවසන්.
ඉතින්
ඔන්න ඔය ටික තමයි A/L වලට අදාල AUTOMOBILE Practical ගැන කියන්න තියෙන්නේ.ඔයාලට පුලුවන් අපේ SL
SMART PEOPLES Youtube Chanel එකට ගිහින්
මේකට අදාළ Video එක බලන්න. ඔයාගේ අදහස්
පහළින් Comment කරන්න ඒ වගේම මේ Post එක වටිනවා කියලා හිතනවා නම් තාක්ෂණවේදය ඉගන්න
යලුවොන්ටත් බලන්න Share කරන්න.තවත් මේ වගේ Post එකක් අරන් ඉක්මනින් එන්නම්.ඔයාලා හැමෝටම
ජය වේවා!!
අපි SL SMART PEOPLES
Comments
Post a Comment