ලොව අතිබිහිසුනු ජෛව රසායනික අවි Biochemical Weapon


ලොව අතිබිහිසුනු ජෛව රසායනික අවි
Biochemical Weapon




කොහොමද ඔයාලා හැමොටම හිතනවා හොදින් ඇති කියලා. මම පිනියා,ඔයලා හැමෝම සාදරෙන් පිලිගන්නවා slsmartpeoples.blogsport එකට. ඉතින් මම අද අරන් ආවේ අද වෙනකොට බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වෙලා තියෙන දෙයක් ගැන ඒ තමයි ජෛව රසායනික අවි පිලිබදව. ඉතින් මේ post එකෙන් අපි කතා කරමු එතෙක් මෙතෙක් බිහිවුනු ජෛව රසායනික අවි 10 ගැන. ඉතින් මම මේක ගැන video එකකුත් කරලා තියෙනවා ඔයලාට පුළුවන් කැමති මන් අපේ Youtube Channel එකට ගිහින් බලන්න මම පහල Link දාලා තියෙනවා.
මේ තියෙන්නේ Video එක 👉 Watching Now

01.කයිමේරා වෛරසය

කයිමේරා වෛරසය යනු ලොව පවතින භායානකම වෛරසයන්ගේ ජාන සංයුතිය වෙනස් කරමින් ඒවා එක් කරමින් නිපදවන සුපිරි ගනයේ වෛරසයක්ය. 1980 අගබාගයේදි සෝවියට් රුසියාව වසූරිය සහ ඉබෝලා වෛරසයන් එක් කර සුපිරි වෛරසයක් නිපදවීමේ ක්‍රියාවලියේ යෙදී ඇත. අද වෙන විට ලෝකයේ බලවතුන් මෙම කයිමේරා වෛරසය නිපදවීමේ පර්යේෂණ වල යෙදී සිටි.

02.බොටුලියම් ටොක්සීන්

මෙය ඉතාමත් භයානක විෂබීජයකි. පැහැයක්,ගදක්,සුවදක් නොමැති හෙයින් ආශ්වාසයෙන් ශරීරගත වු බව සොයාගත නොහැක. ශරීර ගත වු පසු පැය 24-72 අතර කාලය තුල මරණයට පත් වේ. 1990 වේදි Shoko Asahara (ශෝකො අසහරා)නැමති ජපාන ආගමික කල්ලියක නායකයෙකු විසින් දේශපාලනික නායකයන් කිහිප දෙනෙකු හට මෙමගින් පහර දී ඇත.

03.ඉබෝලා

කතාබහට ලක්වී ඇති ඉබෝලා වෛරසය සිරුරෙහි රක්තපත උණ තත්වයන් ඇති කරයි. මෙයින් සිරුරේ අභ්‍යන්තර ලේ ගැලීම් ඇති වී ප්‍රධාන අවයව අක්‍රිය වීමෙන් මරණයට පත් වේ. 1970 වේ සිවින් ගැටුම් පැවති අප්‍රිකාවේ සයරේ රාජ්‍යයේ මුල් වරට පැතිරී සිය ගනනක් මරනයට පත් විය. අනතුරුව අප්‍රිකානු සිවිල් ගැටුම් පැවති රටවල් තුලින් යුරෝපයෙන් හා ඇමරිකාවෙන්ද වරින් වර රෝගින් මතු විය. මෙය අප්‍රිකානු කොල වදුරන්ගෙන් ආරම්භ වු බවට සුරංගනා කතාවක් පැතිරූ නමුත් එය කොලවදුරන්ට ලබා දුන්නේ මිනිසුන් බවට සාක්ෂි සාධක ඇත. 1990 වේදි රුසියනු පර්යේෂකයන් මෙය අවියක් ලෙස දියුණු කිරීමට පර්යේෂන කර ඇති අතර එනම් වාතය මගින් මෙය පැතිරවීමට විය යුතුය. පසුගිය කාලයේ මේ සම්බන්ධව අප්‍රිකාවේ පර්යේෂණ කරමින් සිටි ඇමරිකානු විද්‍යාඥයන් දෙදෙනෙකුට ඉබෝලා වෛරසය ආසාදනය වු අතර ඔවුන්ව ඇමරිකාවට ගෙන්වා ගෙන පැය 24 න් සුව වූයේ කෙසේ දැයි තවමත් රහසකි.

04. වසුරීය

බ්‍රිතාන්‍ය හමුදාවේ කමාන්ඩ්ර් ජෙෆ්ෆිරී අමෙර්ස්ට් (Jeffrey Amehert) අණ පරිදි උතුරු ඇමරිකා මහද්වීපයේ ආදීවාසීන් වූ රතු ඉන්දියනුවන් වෙත වසූරිය බීජ අඩංගු පොරෝනයක් ලබා දී ඇත. මෙය සිදු වී ඇත්තේ 18 වන සියවසේදී කැනඩාවේදිය. මෙමගින් පැතිරුන වසූරිය වසංගතයයි රතු ඉන්දියානු ජනගහනයට විශාල ලෙස හානි ගෙන ආවේය.

05. නිපා අවිය

මෙය C කාණ්ඩයට අයත් ජෛව රසායනික අවියකි. භායානක වන්නේ මෙය මිනිසාගෙන් මිනිසාට හා සතුන්ටද සතුන්ගෙන් මිනිසුන්ටද බෝ වීමයි. 1999 යේදී ඉන්දුනීසියාවේ නිපා ප්‍රාන්තයේ 265 කට වැලදී 105 ක් මිය ගොස් ඇත. එය යම් බලවත් රටකින් කල පරීක්ෂනයක් බවට සැක කරයි.

06. රින්ඩර්පේස්ට් (රයිඩස්පෙයිස්)

මෙය 13 වන සියවසේදී යුරෝපය ආක්‍රමණය කල “ජෙන්ගිස් කාන්” විසින් යොදාගෙන ඇත. මෙය ප්‍රධාන වශයෙන් වැලදෙන්නේ ගවයන්ට හා එළුවන්ටය. වැලදී දින 6-10 අතර මරනයට පත්වේ. අරමුණ වන්නේ සතුරන්ගේ ආහාර සැපයුම අඩාල කිරීමයි. ඇමරිකාව හා කැනඩාව මෙම අවිය වැඩිදියුණු කරමින් සිටී.

07. රයිස් බ්ලාස්ට්

මෙම අවිය ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍ය හා චීනය ප්‍රධාන වශයෙන් අත්හදා බලමින් සිටී. මෙම අවියෙන් හානි සිදි වන්නේ මිනිසුන්ට නොව ඔවුන්ගේ ආහාර වගාවන් වලටය. මෙමගින් සතුරන්ගේ ආහාර සැපයුම් අඩාල කිරීම අරමුන වෙයි. ඇමරිකානු හමුදාව විසින් වියට්නාම් යුද්ධයේදී මෙය භාවිතා කර ඇත.

08. මහාමාරිය

14 වන සියවසේ යුරෝපයේ පැතිරුන දරුණුතම වසංගතයයි. 1940 දී ජපානය විසින් චීනය ආක්‍රමණය කරන අවස්ථාවේදී මෙම රෝහබීජ අඩංගු මලු සහ ගෝනී දහස් ගනනක් ගුවන් මගින් චීනයට හෙලා තියෙනවා.

09. ඇන්ත්‍රැක්ස්

2001 එලබීමත් සමගම ඇමරිකානු සෙනෙට් සභිකයින්ට හා මාධ්‍ය ආයතන වෙතට තැපැල් මගින් පැමිණි සුදු කුඩක් පිලිබදව ලොවම බියට පත් විය. මෙය මාරාන්තික බැක්ටීරියවක් වන Bacillus Anthrcis සමෙන් මෙන්ම ආශ්වාසයෙන් ද සිරුරට ඇතුලු වන මෙම බැක්ටීරියාවෙන් ශරීරයේ ප්‍රධාන අවයව අඩපන කර මරණය ගෙන දෙයි. 1930 ජපානය මෙම අවිය පිලිබද පර්යේෂන කර ඇත. 1942 දී බ්‍රිතාන්‍ය හමුදාව Anthrcisx බෝම්බ පිලිබදව පර්යේෂන පවත්වා ඇත. 1976 දී රුසියානු හමුදාව සතුව තිබූ වායුව මගින් පැතිරෙන Anthrcisx විශේෂයක් කාන්දු වීම හේතුවෙන් 66 මරණයට පත්ව ඇත.

10. ටියුලරේමියා

Francisella tularensis යන බැක්ටීරියාව මගින් මෙම රෝගි තත්වය ඇති වේ. මෙය සිරුර අඩපන කරන සති 2-3 ක් පවතින උනකි. ප්‍රතිකාර නෝකලහොත් මාරාන්තිකය. මෙය සතුන්ටද බලපාන බැක්ටීරියාවකි. 1941 ජර්මානු හමුදාව රුසියාව ආක්‍රමණය කල අවස්ථාවේදී රුසියානු සෙබලුන් ලක්ෂ ගනනක් රෝගාත්‍ර වී ඇත. දෙවන ලෝක යුද්ධයේ අගභාගයේදී මෙම අවිය ලෝක බලවතුන් විසින් වැඩිදියුනු කිරීම සදහා පර්යේෂන සිදු කරන ලදී.

මේ කියපු ජෛවරසායකික අවි 10 තමයි ලොකයේ එතෙක් මෙතෙක් බිහිවෙලා තියෙන ප්‍රබල අවි වෙන්නේ. ඉතින් ඔයාගේ අදහස් පහළින් Comment කරන්න. මේ Post එක වටිනවා කියලා හිතනවා හොයන යාළුවෙක්ටත් බලන්න Share කරන්න.මේ වගේ තවත් අලුත් Post එකකින් ඉක්මනට එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා!



අපි SL SMART PEOPLES

Creator of පිනියා
(SL SMART PEOPLES Production)

Comments

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation