Fiber Optic


Fiber Optic



කොහොමද ඔයාලා හැමොටම හිතනවා හොදින් ඇති කියලා. මම පිනියා,ඔයලා හැමෝම සාදරෙන් පිලිගන්නවා slsmartpeoples.blogsport එකට.ඉතින් මම අද ඔයාලට ගෙනාවා කොහොමද ලංකාවට internet එන්නේ කියලා කියලා දෙන්න.

ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා ඇති ලංකාවට internet දෙන්නේ චන්ද්‍රිකා එහෙමත් නැත්තම් සැටලයිට්
📡 වලින් කියලා නමුත් ඒක වැරදි. මුහුදු පතුලේ දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. ඉතින් මේ කේබල් වලට කියන්නේ සබ්මැරින් කේබල් (Submarine Cable) කියලා. මේකට එකතු වෙලා තියෙන කේබල් ගැන අපි දැන් බලමු.

01. SEA-ME-WE කේබල් පද්ධති


මේ කේබල් ජාතිය තමයි ලංකාවට එන Submarine ප්‍රධාන කේබල් පද්ධතිය. මේ කේබල් එකේ තේරුම තමයි South East Asia -Middle East-West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉදලා සිංගප්පූරුව දක්වාම තියෙනවා. ඉතින් මේ රටවල් දෙක අතරේ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවේ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. ඉතින් මේ කේබල් වලට ආයෝජනය කරන ප්‍රමාණය අනුව තමයි. මේ කේබල් වලින් අපට ලැබෙන ධාරිතාවය ගැන තීරණය වෙන්නෙ.

02.Copper Cable (තඹ රැහැන්)

ගොඩක් ඉස්සර තමයි මේ සබ්මැරින් කේබල් හදලා තිබුනේ තඹ වලින්. මේ තඹ කම්බි වල විශ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවේ SEA-ME-WE 1 කියන කේබල් එක. මේ කේබල් සම්පුර්ණයෙන්ම තඹ. ඉතින් මේ කේබල් එක සම්බන්ධ වුනේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේක අයිතිය තිබුණේ SLT ආයතනයට. කාලයත් එක්ක මේකේ ධාරිතාව මදි වුනා ඒ නිසා අර රටවල් එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුනේ මේකේ කේබල් 2ක් තිබුනා. එහෙම බෙදුවේ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. මේවායේ වියදම අධික වීම,අනාගතයේදී මේ වේගවල් ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEA-ME-WE 2 වගේ තඹ කම්බි සියල්ලම වගේ අභාවයට ගියා.

03. Fiber Optics (ප්‍රකාශ තන්තු)

මේ නම නම් ඔයාලා හැමෝම අහලා ඇති. මොකද SLT එකෙන් දාන හැම ඇඩ් එකකම වගේ මේ නම කියනවා.
😂😂
ඉතින් අර තඹ කම්බි භාවිතයෙන් ඉවත් උනාට පස්සේ ආපු Submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (Fiber Optics) මුලින් fiber optics කියන්නේ මොන වගේ දෙයක් ද කියලා බලමු.
ඉතින් මේ fiber optics ඇතුලේ කිසිම කම්බියක් නැ තියෙන්නේ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එත්කොට ඔයාලා හිතනවා ඇති කොහොමද මේක දිගේ දත්ත හුවමාරු (Data transfer) කරන්නේ කියලා.
හරිම සරලයි. ඕනැම දත්තයක් ද්වීමය (Binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුලුවන්නේ. 0110101001 වගේ. චිත්‍රපටි වල එහෙම දැකලා ඇති නේ. 1 සහ 0 විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුලුවන්.🤔
තේරුණේ නැ නේ හරි මෙහෙම හිතන්නකෝ ඔයා ගගේ එක ඉවුරක ඉන්නවා. ඔයාගේ යාළුවා අනිත් ඉවුරේ ඉන්නවා. ඔයාට ඕනේ එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයාට පුලුවන් ටෝච් එකක්
🔦පාවිච්චි කරන්න. ටෝච් නිවිලා (Off) නම් 0 පත්තු වෙලා (On) නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක off (0),on(1),on(1),on(1),off(0),on(1),off(0) හැටියට 0111010 කියන පණිවිඩය එහා පැත්තේ ඉවුරේ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නේ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වේ මොකක්ද කියන එක හොයාගන්නයි.
ඔන්න ඔය ක්‍රමයට තමයි fiber optics වලත් තියෙන්නේ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තේ 1ද 0ද කියන එක අදුරගන්නේ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක් තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්නවත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරු වුනා. පරණ copper cable එහෙමම මුහුද මැද ඇතඇරලා දැම්මා.
වර්ථමානයේ අපිට එන submarine cables ගැන දැන් අපි බලමු. දැනට ලංකාවට එන submarine cables කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම fiber.

1) SEA-ME-WE 3

මේක landing station එක තියෙන්නේ ගල්කිස්සේ. පරණ නිසා ලගදිම මේකෙ ඔපරේෂන්ස් නවතියි. මේකේ ලංකාවේ අයිතිය තියෙන්නේ SLT එකට.

2)SEA-ME-WE 4

මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කලු පාට බටයක් වගේ යන්නේ. ගෝල්ෆේස් එකට ගියාම මේක වගේම SEA-ME-WE 1 සහ 2 ක් බලන්න. මේකේ ලංකාවේ අයිතිය තියෙන්නේ SLT එකට. ලංකාව වැඩිපුරම වැඩ ගන්නේ මේකෙන්.

3)SEA-ME-WE 5

මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සදහා භාණ්ඩයේ වේගය 100 Gbps. ඒ වගේම තරංග ආයාම 80ක් යවන්න පුලුවන්. එතකොට සම්පුර්ණ වේගය 8 Tbps විතර වෙනවා. හැබැයි ලංකාවේ නම් තව අවුරුදු 10 කට වත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නේ නැ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නේ. Landing Station එක මාතර. මේකෙත් ලංකාවේ අයිතිය තියෙන්නේ SLT එකට.

4)Dhiraagu

මේක නම් ලෝකේ වටේ යන එකක් නෙමෙයි. මේක point to point සම්බන්ධයක්. මේකේ තමයි ලංකාවයි මාලදිවයිනයි connected වෙන්නේ. මේකත් SLT එකට තමයි අයිතිය ලංකාවේ.

5)Bharat Lanka

මේකත් point to point. මේක ලංකාවයි ඉන්දියාවේ tuticorin (තුත්තුකුඩිය) අතර තමයි සම්බන්ධ වෙන්නේ. මේකත් SLT තමයි
SEA-ME-WE 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 වල දෝෂයක් ආවොත්. මේ Bharat Lanka එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකෙට සම්බන්ධ වුණේ.

6)Bay of Bengal Gateway (BBG)

මේක USA ඉදලා සිංගප්පූරුවට යන්නේ. ඔන්න මේකේ අයිතිය නම් ලංකාවේ Dialog එකට තමයි තියෙන්නේ. උපරිම වේගය6.4 Tbps ක් කියලා තමයි කියන්නේ. Landing Station එක තියෙන්නේ ගල්කිස්සේ.

දැනට ලංකාවට සම්බන්ධ වෙන්නේ ඔය සබ්මැරින් කේබල් පද්ධති 7 ට විතරයි. එකෙන් 5ක් අයිතිය SLT එකටත් 1ක අයිතිය Dialog එකටත් හැටියටත් තමයි තියෙන්නේ.

ඉතින් මේ සබ්මැරින් කේබල් වලට මුහුද දිගේ ගමන මොන වගේද කියලා අපි බලමු.
මේවා සාමාන්‍යයෙන් යන්නේ මුහුදු පතුලේන්. මේ කේබල් ස්‍ථාපනය කරන්න,නඩත්තු කරන්න ඉන්නවා නැව්, කිමිදුම්කරුවෝ පවා සහිත වෙනම ජාත්‍යන්තර ආයතනය. එයාලා තමයි සබ්මැරින් කේබල් සම්බන්ධව මුහුදේ අණසක පතුරුවාගෙන ඉන්නේ.

ලේසර් එලියක් ඔය තරම් දුරට යනවද ?

අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එලිය විහිදෙන උපරිම දුරක් තියෙනවානේ ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එලිය පේන්නේ නැහැනෙ. Fiber optics දිගේ යන ලේසර් එලියත් ඒ වගේමයි (එළියක් කිවුවට මේක එළියක්ම නෙමෙයි. තේරුම් ගැනීමේ පහසුවට එළියක් කියලා හිතාගන්නකෝ
😉). මේ ලේසර් ආලෝකයටත් යන්න පුලුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එලිය යන්නේ නැ එත්කොට මොකද කරන්නේ ?

එත්කොට තමයි රිපීටර්ස් (Repeaters) අපේ පිහිටට එන්නේ.

මේ රිපීටර්ස් (Repeaters) මුහුදේ තැනින් තැන හයිකරලා තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බයේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊලඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නේ රිපීටර්ස් එකේ තියෙන optical amplifiers

දැන් අපි බලමු මේ සබ්මැරින් කේබල් වලට වෙන්න පුලුවන් හානි මොනවද කියලා ?

1. කලාතුරකින් මුහුදේ නැව් එහා මෙහාට යනවා නැංගුරමත්
මුහුද ට දාගෙනම. ඉතින් ඔය නැංගුරමක් අපේ submarine cable එකේ පැටලුනාම කේබල් එක එතනින් කැඩිලා යනවා.

2. සාමාන්‍ය fiber එකක් සිහින් කෙන්දක් හැටියට තිබුණට සබ්මැරින් කේබල් නම් එහෙම හීනි නැ. එකට හේතුව තමයි fiber එකේ ආරක්ෂාවට ඒක වටේට තියෙන ආවරණය. මේ හරස්කඩ දිහා බැලුවම පේනවනේ හීනි fiber එක වටේ කොච්චර ආරක්ෂක ආවරණයක් තියෙනවද කියලා.
ඔය ඒකේ ආවරණ වර්ගයට තමයි Armour එක කියන්නේ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහ armour එක දිගේ තමයි repeaters වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන් කරන්න කොට ඒ වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙනවානේ මේකේත් එහෙම තමයි. ඔන්න ඔය චුම්බක ක්ෂේත්‍රය කට්ටියක් වරදවා වටහා ගන්නවා. ඒ තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියලා හිතලා cable එක හපල හපලා කඩලා දානවා.

ඔය 2 ක තමයි ප්‍රධාන වශයෙන් සබ්මැරින් කේබල් වලට වන හානිය. ඉතින් ඔය එක කේබල් එකකට හානියක් වුනා කියලා අපිට තව කේබල් ඕනි තරම් තියෙන නිසා ලංකාවට Internet නැති වෙවි කියලා බයවෙන්න ඔනි නැ
😂

ඉතින් මොකද අපිට අන්තර්ජාලය එන හැටි පහළින් Comment කරන්න. මේ Post එක වටිනවා කියලා හිතනවා හොයන යාළුවෙක්ටත් බලන්න Share කරන්න.මේ වගේ තවත් අලුත් Post එකකින් ඉක්මනට එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා!

අපි SL SMART PEOPLES !

Creator of පිනියා
(SL SMART PEOPLES Production)



Comments

Post a Comment

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation