අත්තිවාරම Foundation


අත්තිවාරම
Foundation



කොහොමද ඔයාලා හැමොටම හිතනවා හොදින් ඇති කියලා. මම පිනියා,ඔයලා හැමෝම සාදරෙන් පිලිගන්නවා slsmartpeoples.blogsport එකට. මම අද ගෙනාපු Post එක A/L Technology කරන අයට. අද කතා කරනවා Civil Engineering කොටසට අදාළ අත්තිවාරම් ගැන.

මුලින්ම අපි බලමු අත්තිවාරමක් කියන්නේ මොකක්ද කියලා.
ගොඩනැගිල්ලක භාරයන්, එය රදවා ඇති භූමිය මත පතිත කරන ගැටුම අත්තිවාරමක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. අත්තිවාරම රදවන භූමියේ ස්වභාවය විවිධ වෙන්න පුළුවන් උදාහරණ විදියට පස්,පාෂාණ,වගුරුබිම් හෝ ගොංගා මුහුදු වැනි ජලය රදන ස්ථානයක පතුලේ වුවද අත්තිවාරමක් පිහිටුවන්න පුළුවන්.
අත්තිවාරමක මූලික කාර්ය ගැන කියනවා නම් ගොඩනැගිල්ලේ භාරයන් කුමක් වුව ද අදාළ භූමියට දරාගත හැකි වන පරිදි අවශ්‍ය ප්‍රදේශය පුරා වැඩි වර්ගඵලයක එම භාරය ව්‍යාප්ත කරවීමයි.
අත්තිවාරමක් නිවැරදිව යෙදීමෙන් ගොඩනැගිල්ලේ ස්ථායිතාව වැඩි කර ගත හැකි අතර සුළං, තෙතමනය, ගසාගෙන යාම, පාංශූ ඛදනය, මීයන් වැනි සතුන්ගෙන් හා කෘමීන්ගෙන් අත්තිවාරමට හා ගොඩනැගිල්ලට සිදුවන හානි වම කරගන්න පුළුවන්.
දැන් අපි සරල අත්තිවාරමක කොටස් හදුනා ගමු,

1.අත්තිවාරම් කානුව (Foundation trench)

මතුපිට පසේ හියුමස්,ශාකමය දිරා ගිය කොටස්,දිලීර සහ කෘමි සතුන් අන්තර්ගත බැවින් අත්තිවාරම් කාර්යය සදහා සුදුසු වන්නේ නැ. අත්තිවාරම සදහා ගෙපල සකස් කිරීමේදී ගොඩනැගිල්ලට යට වන භූමි භාගයට වඩා හතර පැත්තෙන්ම 1mm පමණ වපසරියක මතුපිට පස් තට්ටුවක් 150mm ගැඹුරට කපා ඉවත් කරන්න ඕනී. දෙන ලද සැලසුම් වලට අනුව බිම් සලකුණු කොට, අවශ්‍ය පලළින් හා ගැඹුරින් යුත් අත්තිවාරමක් කානු කණිනු ලැබේ. අත්තිවාරමේ පළල සහ ගැඹුර තීරණය වන්නේ ගොඩනැගිල්ලේ තරම හා පසේ ඉසිලුම් ධාරිතාව පදනම් කරගෙනයි.

2.කැට කොන්ක්‍රීට් තට්ටුව (Screed concrete)

  කපාගත් අත්තිවාරම් කානුව තුළ පස හා කොන්ක්‍රීටය වෙන් කර ගැනීම සදහාත්, පසට ආවරණයක් සැලසීම සදහාත් කැට කොන්ක්‍රීට් තට්ටුව උපයෝගි වෙනවා. එමගින් පස් වරගය මිශ්‍ර නොවී අත්තිවාරමේ ඉතිරි කොටස සම්පුර්ණ කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙනු ලබනවා. මේ කැට කොන්ක්‍රීට් බොහෝ විට සියලුම අත්තිවාර්ම් වර්ගවල පතුලට යොදනු ලබානවා. මේ සදහා 50mm පමණ් ඝනකම දුර්වල කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතා කරන්න පුළුවන්.

3.අත්තිවාරම් පටිය (Strip of foundation)

ගොඩනැගිල්ලක සම්පුර්ණ බර පොළොවට සම්ප්‍රේෂණය කෙරෙන කොන්ක්‍රීට් පටිය අත්තිවාරමේ පහළින් ම පිහිටන් එකකයයි. මෙය බොහෝ විට සාමාන්‍ය කොන්ක්‍රීට් හෝ වැරගැන්වුම් කොන්ක්‍රීට් හෝ කළු ගල් හෝ වෙනත් ද්‍රව්‍යක් යොදා සකස් කෙරේ.

4.කයිරු බැම්ම (Plinth wall)

අත්තිවාරම් පටියේ සිට තෙත් නිවාරණ වැටිය දක්වා පොළොව මට්ටමේ සිට අවම වශයෙන් 150 පමණ ඉහළට ඉදි කරනු ලබන අත්තිවාරම් බිත්තිය කයිරු බැම්ම වේ. මෙය ගඩොලින්, කළු ගලින් හෝ කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරයි.

5.පසු පිරවුම (Backfill)

අත්තිවාරම් කානුවේ බිත්ති හා කයිරු බැම්ම අතර පිහිටි හිස් අවකාශය, සුදුසු පස් වර්ගයකින් පුරානු ලැබේ. ඒවා තූනී ස්තරවලින් එළා ජලය දමා තලා සකස් කර ගන්නවා. මෙමගින් පසේ හිඩැස් ප්‍රමණය අඩු කොට ඝනත්වය වැඩි කර ගනියි. මෙය පසු පිරවුම වේ.

5.ගෙබිම පස් පිරවුම (Filling under floors)

ගොඩනැගිලි කොටසේ ඇතුළත ලයිරු බිත්ති අතර  පිහිටි පොළොව මට්ටමේ සිට තෙත් නිවාරණ වැටියේ  මට්ටම දක්වා අපද්‍රව්‍ය වලින් තොර සුදුසු පස් වර්ගයකින් කෙරෙන පිරවුම ගෙබිම පස් පිරවුම නම් වේ.

6.තෙත් නිවාරණ වැටිය (Damp proof course)

පස් වල අඩංගු පාංශු ජලය, කේෂාකර්ෂණ ක්‍රියාවලිය ඔස්සේ අත්තිවාරම හරහා බිත්ති දිගේ ඉහළට යෑම වැළැක්වීම සදහා කයිරු බැම්ම මත එළනු ලබන බාධකය තෙත් නිවාරණ වැටිය කියලා හදුන්වනවා. 1:3 සිමෙන්ති:වැලි බදාමයෙන් 20 ඝණකමට රළුවට එලීමෙන් පසු ඒ මත උණු රන ලද තාර හෝ තඹ,ඇලුමිනියම්/ප්ලාස්ටික් වැනි තහඩු හෝ වෙනත් වැඩිදියුණු කළ ආලේපන විශේෂයක් හෝ භාවිතා කල හැකිය.
දැන් අපි බලමු අත්තිවාරම් වර්ග ගැන.
අත්තිවාරමක හැඩය සහ ගැඹුර අනුව වර්ග කරන්න පුළුවන්.මුලින්ම අපි හැඩය අනුව අත්තිවාරම් වර්ග ගැන කතා කරමු.

හැඩය අනුව අත්තිවාරම් වර්ග

ගොඩනැගිල්ලක සම්පූර්ණ භාරයම පොළොවටසම්ප්‍රේෂණය කෙරෙනුයේ අත්තිවාරම මගිනි,භාවිතයේ පවත්නා අත්තිවාරම් වර්ග කිහිපයක් තියෙනවා.

1.පටි/තීරු අත්තිවාරම (Strip foundation)
2.කොට්ට අත්තිවාරම (Pad foundation)
3.පහුරු අත්තිවාරම (Raft foundation)
4.ටැඹ අත්තිවාරම (Pile foundation)

 මේ එක් එක් අත්තිවාරම් ගැන වෙන වෙනම කතා කරමු.

1.පටි/තීරු අත්තිවාරම

පටි අත්තිවාරම වර්ග 4ක් තියෙනවා.
1.සරල පටි අත්තිවාරම (Simple strip foundation)
2.පටු පටි අත්තිවාරම (Narrow strip foundation)
3.පළල් පටි අත්තිවාරම (Wide strip foundation)
4.වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම (R.C.C strip foundation)

01.සරල පටි අත්තිවාරම


මේක ඉසිලුම් ධාරිතාව ඉහළ බිමක භාවිත කරන අත්තිවාරමක්. මෙහි දී බිත්තිවලින් පහළට සම්ප්‍රේෂනය කෙරෙන භාරය බිත්ති හරහා පතුලේ පිහිටි ඇති සන්තතික පටියක් ලෙස දිව යන අත්තිවාරම වෙත ප්‍රධානය කරයි. එම පටිය අත්තිවාරම් ආනුව තුළ ගඩොල්, කළුගල් හෝ කොන්ක්‍රීට් වලින් ඉදිකිරනවා. මෙක සරල පටි අත්තිවාරම කියලා තමයි හදුන්වන්නේ.

02.පටු පටි අත්තිවාරම

ඉසිලුම් ධාරිතව වැඩි යටි පසක් සහිත අවස්ථා වලදි ගොඩනැගිල්ලේ බර හා එහි තෙරපුම දරාගත හැකි වන පරිදි බිත්තියේ පළලට සමාන පළලකින් යුත් සන්තතික පටියකින් ඉදි වන අත්තිවාරම පටු පටි අත්තිවාරමක් කියලා හැදුන්වනවා. අසාමාන්‍ය පතිතවීමකින් තොරව ඉසිලුම් ධාරිතාව වැඩි පසක ඉදිකරන් අත්තිවාරම්වල දී පටු පටියක් ලෙස ඉදිකිරීම මගින් අත්තිවාරම එළීම සදහා වැය වන මුදල් ප්‍රමාණය අඩු කරගත හැකි වීම නිසා මේක ජනප්‍රිය වෙලා තියෙනවා.

03.පළල් පටි අත්තිවාරම

ගොඩනැගිල්ලේ අත්තිවාරම තෙක් සම්ප්‍රේෂණය කරන භාරය වැඩිවීම හෝ දුර්වල පසක් නිසා පසෙහි ඉසිලුම් ධාරිතාව අඩු වීම නිසා හෝ ඒවායේ එකතුවක් නිසා හෝ සම්ප්‍රේෂණය වන භාරයන් පොළොවට දරාගත හැකි වන ලෙස බෙදාහැරීම සදහා අත්තිවාරමේ යටි පටිය වැඩි පළලකට ඉදිකරන පටි අත්තිවාරම පළල් පටි අත්තිවාරම ලෙස හැදින්වේ.

04.වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම

පළල් පටි අත්තිවාරමේ යටි පටි/තිරුව, වැරගැන්වූ කම්බි සහිතව කොන්ක්‍රීට් භාවිතයෙන් බොහෝ විට ඉදිකරනවා දකින්න පුළුවන්.  මේකේ කයිරු බැම්ම සාමාන්‍ය ආකාරයට ගඩොලින්, කළුගල් වලින් හෝ කොන්ක්‍රීට් වලින් නිර්මාණය කර ගන්න පුළුවන්. අසාමාන්‍ය පතිත්වීම් වල දී ද එයට ඔරොත්තු දිය හැකි ලෙස පටිය නිර්මාණය කර ගත හැකි වීම නිසා මෙක සාර්තක අත්තිවාරමක් ලෙස ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා.

2.කොට්ට අත්තිවාරම

 රාමු සහිත නිර්මිතවල දී භාරයන් පොළොවට සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ කුලුනු ඔස්සේ පමණයි. එවිට එම භාරයන් එම පසට දරා ගත හැකි ආකාරයට බෙදා හැරීම සදහා අවශ්‍ය ප්‍රමාණයට විශාල කොට්ටයක් සෑම කුලුනක් යටම වෙන වෙනම ඉදි කල යුතු වෙනවා. මෙසේ කොට්ට හරහා කුලුනුවල භාරයන් පොළොවට සම්ප්‍රේෂණය කරන අත්තිවාරමක් ලෙස හැදින්වෙනවා. වැරගැන්වු සිමෙන්ති කොන්ක්‍රීට් භාවිතයෙන් ඉදිකිරීම සිදු කරනවා.

03.පහුරු අත්තිවාරම
උස ගොඩනැගිලි වලදී පොලොවට සම්ප්‍රේෂණය කරන භාරය අධික වීමත්, දුර්වල පසක් සහිත වැඩ බිම්වල ඇති පසේ ඉසිලුම් ධාරිතාව අඩු වීමත්,කුලුනු ආසන්නව පිහිටන නිසාත් එහිදී කොට්ට අත්තිවාරම භාවිත කීරීම ප්‍රායොගික වෙන්නේ නෑ. ඒ වගේ අවස්ථා වලදී සම්පුර්ණ ගොඩනැගිල්ල වැරගැන්වු සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හදපු තනි පහුරක් අත්තිවාරමක් ලෙස යොදමින් ඉදි කරන අත්තිවාරම් පහුරු අත්තිවාරම් ලෙස හදුන්වනවා.

04.ටැඹ අත්තිවාරම

පසේ ඉසිලුම් ධාරිතාවය අඩු වීමත්, අධි උස ගොඩනැගිලි වලින් පොළොවට සම්ප්‍රේෂණය කරන භාරය නිසාත් ඊට ගැලපෙන ආකාරයට නිර්මාණය කරන පහුරේ විශාලත්වය අසාමාන්‍ය ලෙස වැඩ කරන්න සිද්ද වෙනවා. ඒ දේ ප්‍රායෝගිකව කරන්න අපහසු නිසාත් ඒ සදහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසාත් ඒ වගේ අවස්ථාවල දී කරන්නේ ගොඩනැගිල්ලේ අත්තිවාරම කරා ළගා වන විශාල භාරයන් ටැඹක් හෝ ටැඹ කිහිපයක් හරහා එය දරා ගත ගැකි සුදුසු පෂාණ ස්ථරයක් වෙත යොමු කරවීමයි.
මේ විදියට ගොඩනැගිල්ලේ භාරය පොළොව යට වඩාත් ස්ථායි, දැඩි දැරීමේ හැකියවකින් යුක්ත ස්ථරයක් වෙත යොමු කරවීම සදහා ටැඹ අත්තිවාරම යොදා ගන්නවා. සෑම කුලුනකටම වෙන වෙනම භාරය සම්ප්‍රේෂණය කිරීමෙන් ටැඹ මත යෙදෙන භාරයන්ද සීමා කර ගන්න පුළුවන්.

ගැඹුර අනුව අත්තිවාරම් වර්ග

මූලිකවම අත්තිවාරම් වර්ග දෙකකට බෙදෙනවා.
1.ගැඹුරු අත්තිවාරම් (Shallow foundations)
2.නොගැඹුරු අත්තිවාරම් (Deep foundations)

01.ගැඹුරු අත්තිවාරම්
පසේ ඉසිලුම් ධාරිතාව දුර්වල නම් ඊට යටින් ඇති ස්ථාවර පස් තට්ටුවක් හෝ පාෂාණ මත හෝ රදවන අත්තිවාරම් ගැඹුරු අත්තිවාරම් ලෙස හදුන්වනවා. ගැඹුර මීටර 2කට වැඩිය.

02.නොගැඹුරු අත්තිවාරම්
යටි පසේ ඉසිලුම් ධාරිතාව මත යොදන අත්තිවාරම් නොගැඹුරු අත්තිවාරම් ලෙස හදුන්වනවා. නොගැඹුරු අත්තිවාරම් මිටර් 2ක ගැඹුරට නොවැඩි යටි පසේ යොදන්න පුලුවන්. මේ අත්තිවාරම් බොහෝ විට අත්තිවාරම් පටියේ පළලට වඩා ගැඹුරින් අඩු හෝ ඊට සමාන හෝ වෙනවා.

 
 මේ ටික තමයි අපිට අත්තිවාරම් ගැන කතාකරන්න තියෙන්නේ. මොකද හිතන්නේ අද කතා කරපු දේ ගැන ඔයාගේ අදහස් පහළින් Comment කරන්න. මේ Post එක වටිනවා කියලා හිතනවා හොයන යාළුවෙක්ටත් බලන්න Share කරන්න. මේ වගේ තවත් අලුත් Post එකකින් ඉක්මනට එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා!

අපි SL SMART PEOPLES

Creator of පිනියා
(SL SMART PEOPLES Production)


Comments

  1. Hi
    ගැඹුරු අත්තිවාරම් වල කොටස් තියෙනවා ද?

    ReplyDelete
  2. Replacement pile, displacement pile වල notes දාන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)