Posts

Fiber Optic

Image
Fiber Optic කොහොමද ඔයාලා හැමොටම හිතනවා හොදින් ඇති කියලා. මම පිනියා,ඔයලා හැමෝම සාදරෙන් පිලිගන්නවා slsmartpeoples.blogsport එකට. ඉතින් මම අද ඔයාලට ගෙනාවා කොහොමද ලංකාවට internet එන්නේ කියලා කියලා දෙන්න. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා ඇති ලංකාවට internet දෙන්නේ චන්ද්‍රිකා එහෙමත් නැත්තම් සැටලයිට් 📡 වලින් කියලා නමුත් ඒක වැරදි. මුහුදු පතුලේ දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. ඉතින් මේ කේබල් වලට කියන්නේ සබ්මැරින් කේබල් (Submarine Cable) කියලා. මේකට එකතු වෙලා තියෙන කේබල් ගැන අපි දැන් බලමු. 01. SEA-ME-WE කේබල් පද්ධති මේ කේබල් ජාතිය තමයි ලංකාවට එන Submarine ප්‍රධාන කේබල් පද්ධතිය. මේ කේබල් එකේ තේරුම තමයි South East Asia -Middle East-West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉදලා සිංගප්පූරුව දක්වාම තියෙනවා. ඉතින් මේ රටවල් දෙක අතරේ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවේ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. ඉතින් මේ කේබල් වලට ආයෝජනය කරන ප්‍රමාණය අනුව තමයි. මේ කේබල් වලින් අපට ලැබෙන ධාරිතාවය ගැන තීරණය වෙන්නෙ. 02.Copper

අත්තිවාරම Foundation

Image
අත්තිවාරම Foundation කොහොමද ඔයාලා හැමොටම හිතනවා හොදින් ඇති කියලා. මම පිනියා,ඔයලා හැමෝම සාදරෙන් පිලිගන්නවා slsmartpeoples.blogsport එකට. මම අද ගෙනාපු Post එක A/L Technology කරන අයට. අද කතා කරනවා Civil Engineering කොටසට අදාළ අත්තිවාරම් ගැන. මුලින්ම අපි බලමු අත්තිවාරමක් කියන්නේ මොකක්ද කියලා. ගොඩනැගිල්ලක භාරයන්, එය රදවා ඇති භූමිය මත පතිත කරන ගැටුම අත්තිවාරමක් කියලා සරලව හදුන්වන්න පුළුවන්. අත්තිවාරම රදවන භූමියේ ස්වභාවය විවිධ වෙන්න පුළුවන් උදාහරණ විදියට පස්,පාෂාණ,වගුරුබිම් හෝ ගොංගා මුහුදු වැනි ජලය රදන ස්ථානයක පතුලේ වුවද අත්තිවාරමක් පිහිටුවන්න පුළුවන්. අත්තිවාරමක මූලික කාර්ය ගැන කියනවා නම් ගොඩනැගිල්ලේ භාරයන් කුමක් වුව ද අදාළ භූමියට දරාගත හැකි වන පරිදි අවශ්‍ය ප්‍රදේශය පුරා වැඩි වර්ගඵලයක එම භාරය ව්‍යාප්ත කරවීමයි. අත්තිවාරමක් නිවැරදිව යෙදීමෙන් ගොඩනැගිල්ලේ ස්ථායිතාව වැඩි කර ගත හැකි අතර සුළං, තෙතමනය, ගසාගෙන යාම, පාංශූ ඛදනය, මීයන් වැනි සතුන්ගෙන් හා කෘමීන්ගෙන් අත්තිවාරමට හා ගොඩනැගිල්ලට සිදුවන හානි වම කරගන්න පුළුවන්. දැන් අපි සරල අත්තිවාරමක කොටස් හදුනා ගමු, 1.අත්තිවාරම්

ලොව අතිබිහිසුනු ජෛව රසායනික අවි Biochemical Weapon

Image
ලොව අතිබිහිසුනු ජෛව රසායනික අවි Biochemical Weapon කොහොමද ඔයාලා හැමොටම හිතනවා හොදින් ඇති කියලා. මම පිනියා,ඔයලා හැමෝම සාදරෙන් පිලිගන්නවා slsmartpeoples.blogsport එකට. ඉතින් මම අද අරන් ආවේ අද වෙනකොට බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වෙලා තියෙන දෙයක් ගැන ඒ තමයි ජෛව රසායනික අවි පිලිබදව. ඉතින් මේ post එකෙන් අපි කතා කරමු එතෙක් මෙතෙක් බිහිවුනු ජෛව රසායනික අවි 10 ගැන. ඉතින් මම මේක ගැන video එකකුත් කරලා තියෙනවා ඔයලාට පුළුවන් කැමති මන් අපේ Youtube Channel එකට ගිහින් බලන්න මම පහල Link දාලා තියෙනවා. මේ තියෙන්නේ Video එක 👉 Watching Now 01.කයිමේරා වෛරසය කයිමේරා වෛරසය යනු ලොව පවතින භායානකම වෛරසයන්ගේ ජාන සංයුතිය වෙනස් කරමින් ඒවා එක් කරමින් නිපදවන සුපිරි ගනයේ වෛරසයක්ය. 1980 අගබාගයේදි සෝවියට් රුසියාව වසූරිය සහ ඉබෝලා වෛරසයන් එක් කර සුපිරි වෛරසයක් නිපදවීමේ ක්‍රියාවලියේ යෙදී ඇත. අද වෙන විට ලෝකයේ බලවතුන් මෙම කයිමේරා වෛරසය නිපදවීමේ පර්යේෂණ වල යෙදී සිටි. 02.බොටුලියම් ටොක්සීන් මෙය ඉතාමත් භයානක විෂබීජයකි. පැහැයක්,ගදක්,සුවදක් නොමැති හෙයින් ආශ්වාසයෙන් ශරීරගත වු බව සොයාගත නොහැක. ශරීර ගත වු ප

ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7

Image
ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7 World’s 7 Most Dangerous Drugs කොහොමද ඔයාලා හැමොටම හිතනවා හොදින් ඇති කියලා. මම පිනියා,ඔයලා හැමෝම සාදරෙන් පිලිගන්නවා slsmartpeoples.blogsport එකට. ඉතින් මම අද අරන් ආවේ මිහිපිට අපා දුක් විදින්න සලස්වන ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7 ගැන. ඉතින් මම මේක ගැන video එකකුත් කරලා තියෙනවා ඔයලාට පුළුවන් කැමති මන් අපේ Youtube Channel එකට ගිහින් බලන්න මම පහල Link දාලා තියෙනවා. 1. ක්‍රොකොඩිල් (Krokodil) ලෝකයේ භායකම මත්ද්‍රව්‍ය හැටි බොහෝ දෙනෙක් නම් ක්‍රොකොඩිල් හදුන්වනවා. මේකේ භයානක කම ගැන කියනවා නම් සොම්බි මත්ද්‍රව්‍ය හැටියටත් මේක හදුන්වනවා. ඒ මොකද කියනවා නම් මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ටික කාලයකින්ම ශරීරයේ මස් දියවීමට පටන්ගන්න නිසා. මේ මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රුසියාවේ තමයි පැතිර ගිහින් තියෙන්නේ. හිසේ කැක්කුම් සදහා වන කෝඩ්න් නම් ඖෂධයක්, පෙට්‍රල්, ටිනර්, හයිඩ්‍රෝක්ලොරික් අම්ලය සහ ගිනි පෙට්ටි වල ඇති රතු පොස්පරස් ඇතුලු අති භයානක  සංයෝගයකින් තමයි මේ විනාශකාරි මත්ද්‍රව්‍ය හදන්නේ. හෙරොයින් වලට වඩා මිලෙන් අඩු වීම නිසාත් මත්ලෝලීන් අතරේ ක්‍රොකොඩිල් ජනප්‍රිය වීමට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

Image
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ (Machinery used in construction industry) සුභ කොහොමද ඔයාලා හැමෝට, ඔයාලා සාධරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට. ඔන්න අද අරන් අවා සිවිල් ඉංජිනේරු තාක්ෂණයට අදාල Post එකක්. මේකෙන් අපි කතා කරමු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ මොනවද ඒවායෙන් කෙරෙන කාර්ය මොනවද කියලා. ඉතින් මේ post එකට අදාළව අපි විඩෙඔ එකකුත් කරලා තියෙනවා ඔයලට පුලුවන් ඒ video එකත් බලන්න අපේ SL SMART PEOPLES YOUTUBE Chanel එකෙට ගියොත්. කතා කරා ඇති අපි යමු post එකට.   මේ යන්ත්‍ර සුත්‍ර කාණ්ඩ කිහිපයකට බෙදන්න පුලුවන්. පළවෙනි කාණ්ඩේ තමයි පස් කැණීම සදහා භාවිතා කරන උපකරණ. ඉදිකිරිම් ක්ෂේත්‍රයේ ගොඩක් අවස්ථා වල පස් කපා මට්ටම් කරන්න, පස් ඉවත් කරන්න, හැරීම වගේ විවිධ කාර්යන් සිදු කරනවා. මේ භාවිතා කරන උපකරන පිලිබදව තමයි දැන් අපි කතා කරන්නේ. 01.බුල්ඩෝසරය(Bulldozer) ඔයාලට නමින්ම හිතෙනවා ඇති මේ උපකරණය බර ඇදිය හැකි උපකරණයක් කියලා. නමුත් මේක භවිතා කරන්නේ පස් තල්ලු කිරිම, පැටවීම වැනි කර්යන් කිරිම සදහා තමයි මේ උපකරණය භාවිතා කරන්නේ. ඉදිරිපස ඇති ජව